01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3165/2022: කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම: ප්‍රමාදය

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පිළිගනිමි.

              (ii)       කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් පත්වීම් බලධාරියා යටතට ගැනෙන සියලු කටයුතු සිදු කර ඇත.

                        එම විභාගවලට අදාළව අපේ අමාත්‍යාංශයත් එක් කොටසක් සිදු කරනවා. ඒක මේ වනවිට සිදු වී අවසානයි. ඒ වාගේම, විභාග දෙපාර්තමේන්තුව ද කොටසක් සිදු කරනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග පවත්වා ප්‍රතිඵල නිකුත් කළ යුතුව ඇත. (අදාළ තොරතුරු ඇමුණුමෙහි දැක්වේ.) ඇමුණුම සභාගත* කරමි.‍

කොවිඩ් වසංගත තත්ත්වයෙන් ඇති වූ බලපෑම හා ලිපි ද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවට ද විභාග කඩිනමින් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව නිරීක්ෂණය වේ.

වැටුප් වර්ධක හා උසස්වීම් නොලැබීම සිදු වන්නේ අදාළ කාර්යක්ෂමතා කඩඉමට එළඹෙන හා ඒ සමඟ සම්බන්ධ වන උසස්වීම් ලබන නිලධරයන්ට පමණි. කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත්වීමට පෙනී සිටිය යුතු අවම විභාග ගණන නොපවත්වනු ලැබූ අවස්ථාවල විභාග සමත්වීම සඳහා නිලධාරින්ට සහන කාල ලබා දෙන බව ද පෙන්වා දීමට කැමැත්තෙමි.

 

(ආ) මේ සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් නිරන්තරයෙන් දැනුවත් කර ඇත. එසේම කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් පවතී.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks