පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1912/’11
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) කොළඹ මුඩුක්කු සහ පැල්පත්වාසීන්ගේ නිවාස ගැටලු විසඳීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ නගර සභාව සහ තිරසාර පුරවර වැඩසටහන සමග “රියල් එස්ටේට් එක්ස්චේන්ජ් පෞද්ගලික සමාගම” (REEL) ඒකාබද්ධ කරන ලද බව එතුමා දන්නෙහිද?
(ආ) 2006 වර්ෂයේ සිට මේ දක්වා,
(i) REEL පෞද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන්, සභාපතිවරුන් සහ ප්රධාන ගණන්දෙන නිලධාරීන් කවුරුන්ද;
(ii) භාණ්ඩාගාරය, රාජ්ය බැංකු සහ රාජ්ය ආයතන විසින් REEL වෙත පවරන ලද අරමුදල් පිළිබඳ තොරතුරු කවරේද;
(iii) එක් එක් පැවරුමේ අරමුණ සහ ප්රක්ෂේපිත සහ තථ්ය ප්රතිඵල කවරේද;
(iv) මිලියන පහ ඉක්මවූ පිරිවැය අයිතම පිළිබඳ තොරතුරු සහ එක් එක් අනුමතියේ අරමුණු කවරේද;
(v) REEL හි වර්තමාන මූල්යමය තත්ත්වය කුමක්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) 2010 ජනවාරි සිට මේ දක්වා REEL හි කවර හෝ පමණ ඉක්මවා වියදම් කිරීම්, වංචා සහ/හෝ දුෂණ පිළිබඳ යම් අභ්යන්තර පරීක්ෂණ, විගණන හෝ අපරාධ විමර්ශණ සිදු වී ඇත්ද;
(ii) එසේ නම්, ඒවායේ ප්රතිඵල කවරේද;
(iii) ඉහත (ඇ) (i) පරිදි නිරීක්ෂිත විෂමාචාර සම්බන්ධයෙන් යෝජිත විසඳුම් ක්රියාමාර්ග සහ එකී දිනයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-02-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks