පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1900/’11
ගරු ජෝන් අමරතුංග මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පුස්තකාලයාධිපති සේවය, භාෂා පරිවර්තන සේවය, රියදුරු සේවය යන සේවාවල කටයුතු කිරීම සදහා පත්කර සිටි සහකාර ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂවරිය 2010.11.30 දින සිට ස්ථාන මාරු ලබාගොස් ඇති අතර මෙතෙක් එම තනතුරට කිසිවෙකු පත් නොකිරීම නිසා ඉහත සේවාවල බඳවාගැනීම්, උසස් කිරීම්, ස්ථාන මාරුකිරීම්, සේවා ව්‍යවස්ථා සෑදීම සහ සංශෝධනය කිරීම් යන කටයුතු ප්‍රමාද වී ඇති බව සහ ඇතැම් සේවාවල කටයුතු ඇනහිට ඇති බවත් එතුමා දන්නෙහිද?
(ආ) (i) සහකාර ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂවරයාගේ හිස්වූ තනතුර සඳහා මේ වන විට කිසිවෙකු පත් කර තිබේද;
(ii) එසේ නම්, එම තනතුරට පත් කරන ලද නිලධාරියා කවුරුන්ද;
(iii) එම පත්වීම සිදුකළ දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත තනතුර සඳහා මෙතෙක් කිසිවකු පත්කර නොමැති නම්, ඒ සඳහා කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-02-08
අසන ලද්දේ
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks