පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1895/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත්ව තිබූ යාය ගාමිණී කණිෂ්ඨ විද්‍යාලය වසා දමා වර්ෂ ගණනාවක් ගතවී ඇති බවත්;
(ii) මෙම විද්‍යාලය සතුව පැවති ගොඩනැගිලි කිහිපයක් මේ වනවිට විනාශ වෙමින් පවතින බවත්;
(iii) එම විද්‍යාලය සතුව අක්කර හතක පමණ භූමි ප්‍රමාණයක් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) යාය ගාමිණී කණිෂ්ඨ විද්‍යාලය සතු ගොඩනැගිලි සහ භූමිභාගය විනාශයට පත්වීමට ඉඩහැරීම ජාතික අපරාධයක් බවත්;
(ii) එම විද්‍යාලය සතු සම්පත් යොදා ගනිමින් කර්මාන්තශාලාවක් ආරම්භකර ප්‍රදේශයේ ජනතාවගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් සැපයිය හැකි බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) එසේ නම්, එම පාසලේ සම්පත් මතු යෝජිත පරිදි යොදා ගැනීමට සැලසුම් කරන්නේද;
(ii) නොඑසේ නම්, වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම කටයුත්ත කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත්ව තිබූ යාය ගාමිණී කනිෂ්ඨ විද්‍යාලය වසා දමා වර්ෂ ගණනාවක් ගත වී ඇති බව සත්‍යයක් වන්නේ වී නමුත්, වැසී ගිය පාසල නැවත විවෘත කිරීමට විධිවිධාන යොදා එය කුලියාපිටිය විජය විද්‍යාලය නමින් නැවත ආරම්භ කර ඇත.
(ii) එසේ නැත. සියලු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ඇත.
(iii) නැත. එහි භූමි ප්‍රමාණය අක්කර 5යි, රූඩ් 4යි, පර්චස් 12ක් පමණ වේ.
(ආ) (i) එවැනි ජාතික අපරාධ අපේ රජය කරන්නේ නැත. විනාශ වීමට ඉඩ හැර නොමැත.
(ii) අදාළ නොවේ.
පාසල් වසා කර්මාන්තශාලා ඇරඹීම මහින්ද චින්තන ඉදිරි දැක්මට පටහැනිය. ඒ නිසා ඉතිරි සියලුම ප්‍රශ්නවලට පිළිතුර "අදාළ නොවේ".
(ඇ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks