පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1894/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන මාකඳුර නගර සංවර්ධන සැලසුම යටතේ හරිත නගරයක් හා හරිත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළත්, මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙහි ඉදිකිරීම් නවතා දැමීමට හේතු කවරේද;
(ii) එම ඉදිකිරීම් සඳහා අරමුදල් සපයන ලද ආයතනය හෝ ආයතන කවරේද;
(iii) ඒ සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) හරිත නගරයේ හා හරිත ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு டபிள்யு.டி.ஜே. செனெவிரத்ன - பொது நிருவாக, உள்நாட்டலுவல்கள் அமைச்சர்)
(The Hon. W.D.J. Senewiratne - Minister of Public Administration and Home Affairs)
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මගේ අමාත්‍යාංශයට අදාළ ප්‍රශ්නයක් නොවෙයි. මෙම ප්‍රශ්නය නාගරික සංවර්ධන අධිකාරියට අදාළ ප්‍රශ්නයක්. කෙසේ නමුත් මට පිළිතුරක් ලැබිලා තිබෙනවා. මම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
(අ) ඔව්.
(ආ) (i) මේ සඳහා වැඩ විෂයයන් කිහිපයක් යටතේ පරිසර අමාත්‍යාංශයේ තිරසාර පරිසර වැඩ සටහන යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. පරිසර අමාත්‍යාංශය මඟින් 2011.10.31 දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වෙත එවූ ලිපිය මඟින් ක්‍රීඩා පිටියේ ඉඩ ප්‍රමාණය වැඩි වන පරිදි ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු නැවත සැලසුම් කරන ලෙස දන්වා ඇත. ඒ වන විට කොන්ත්‍රාත්කරුට අත්තිකාරම් ගෙවා ඔහු විසින් වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය වැඩ බිමට ගෙනැවිත් තිබුණද පසුව වැඩ නවත්වා සැලසුම් හා ඇස්තමේන්තු නැවත සකස් කිරීම හේතුවෙන් 2011 වසරේ එහි වැඩ නිම කිරීමට නොහැකි වී ඇත.
(ii) පරිසර අමාත්‍යාංශය මඟින් "තිරසර පරිසර වැඩසටහන" යටතේ මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.
(iii) ක්‍රීඩාංගණය වටා වැට ඉදි කිරීම - 2010.10.27 දින රු. 4,629,000.00ක ප්‍රතිපාදන පරිසර අමාත්‍යාංශයෙන් එවා ඇත.
ක්‍රීඩාගාරය ඉදිකිරීම - I අදියර - 2011.08.25 දින රු. 12,715,240.47ක ප්‍රතිපාදන පරිසර අමාත්‍යාංශයෙන් එවා ඇත. මෙම මුදලින් 2011 වසරේ වියදම් කර ඇත්තේ රු. 2,090,808.24ක මුදලක් පමණි. එම ඉතිරි මුදල් අවලංගු වූ අතර මෙහි ඉතිරි වැඩ සඳහා රු. 9,695,111.25ක මුදලක් 2012.05.22 දින වෙන් කර ඇත.
ක්‍රීඩාගාරය ඉදි කිරීම - II අදියර ඉතිරි වැඩ නිම කිරීම. - 2012.10.15 දින රු. 788,715.00කට ගිවිසුම් ගත වී වැඩ ආරම්භ කර ඇත. 2012.12.28 වන විට වැඩ නිම කර අවසන් වී ඇත.
(ඇ) (i) හරිත නගරයේ සහ ක්‍රීඩා සංකීර්ණයේ ඉතිරි ඉදි කිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත.
(ii) මෙම කටයුතු අවසන් වීමෙන් පසු ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් තිරසර පරිසර වැඩසටහන යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කර දුන් පසුව නැවත වැඩ ආරම්භ කෙරේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks