04

සි   |     |  

 Date: 2012-11-15   Answered 

1894/2012: MAKANDURA TOWN DEVELOPMENT PLAN: GREEN CITY AND SPORTS COMPLEX

1894/’11

Hon. Buddhika Pathirana,— To ask the Minister of Local Government and Provincial Councils,—

(a) Is he aware that eventhough construction of a green city and a green sports complex was started under the Makandura town development plan implemented by the Pannala Pradeshiya Sabha of Kurunegala District, its construction work has been stopped halfway at present?

(b) Will he state—

(i) the reasons for stopping the construction work; and

(ii) the institution or institutions which provided funds for the aforesaid construction; and

(iii) the amount of money allocated for that purpose?

(c) Will he inform this House—

(i) whether construction work of the green city and the green sports complex will be recommenced; and

(ii) if so, the date on which it will be done ?

(d) If not, why?

 

Asked Date

2012-11-15

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Public Administration & Home Affairs

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு டபிள்யு.டி.ஜே. செனெவிரத்ன - பொது நிருவாக, உள்நாட்டலுவல்கள் அமைச்சர்)

(The Hon. W.D.J. Senewiratne - Minister of Public Administration and Home Affairs)

ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මගේ අමාත්‍යාංශයට අදාළ ප්‍රශ්නයක් නොවෙයි. මෙම ප්‍රශ්නය නාගරික සංවර්ධන අධිකාරියට අදාළ ප්‍රශ්නයක්. කෙසේ නමුත් මට පිළිතුරක් ලැබිලා තිබෙනවා. මම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

(අ)       ඔව්.

(ආ) (i) මේ සඳහා වැඩ විෂයයන් කිහිපයක් යටතේ පරිසර අමාත්‍යාංශයේ තිරසාර පරිසර වැඩ සටහන යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. පරිසර අමාත්‍යාංශය මඟින් 2011.10.31 දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වෙත එවූ ලිපිය මඟින් ක්‍රීඩා පිටියේ ඉඩ ප්‍රමාණය වැඩි වන පරිදි ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු නැවත සැලසුම් කරන ලෙස දන්වා ඇත. ඒ වන විට කොන්ත්‍රාත්කරුට අත්තිකාරම් ගෙවා ඔහු විසින් වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය වැඩ බිමට ගෙනැවිත් තිබුණද පසුව වැඩ නවත්වා සැලසුම් හා ඇස්තමේන්තු නැවත සකස් කිරීම හේතුවෙන් 2011 වසරේ එහි වැඩ නිම කිරීමට නොහැකි වී ඇත.

      (ii) පරිසර අමාත්‍යාංශය මඟින් "තිරසර පරිසර වැඩසටහන" යටතේ මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. 

      (iii)  ක්‍රීඩාංගණය වටා වැට ඉදි කිරීම - 2010.10.27 දින රු. 4,629,000.00ක ප්‍රතිපාදන පරිසර අමාත්‍යාංශයෙන් එවා ඇත.

                         ක්‍රීඩාගාරය ඉදිකිරීම - I අදියර - 2011.08.25  දින රු. 12,715,240.47ක ප්‍රතිපාදන පරිසර අමාත්‍යාංශයෙන් එවා ඇත. මෙම මුදලින් 2011 වසරේ වියදම් කර ඇත්තේ රු. 2,090,808.24ක මුදලක් පමණි. එම ඉතිරි මුදල් අවලංගු වූ අතර මෙහි ඉතිරි වැඩ සඳහා රු. 9,695,111.25ක  මුදලක් 2012.05.22 දින වෙන් කර ඇත.

                         ක්‍රීඩාගාරය ඉදි කිරීම - II අදියර ඉතිරි වැඩ නිම කිරීම. - 2012.10.15 දින රු. 788,715.00කට ගිවිසුම් ගත වී වැඩ ආරම්භ කර ඇත. 2012.12.28 වන විට වැඩ නිම කර අවසන් වී ඇත.

(ඇ)  (i) හරිත නගරයේ සහ ක්‍රීඩා සංකීර්ණයේ ඉතිරි ඉදි කිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරන ‍‍ලෙස පරිසර අමාත්‍යාංශය විසින් නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත.

       (ii) මෙම කටයුතු අවසන් වීමෙන් පසු ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් තිරසර පරිසර වැඩසටහන යට‍තේ මුදල් ප්‍රතිපාදන වෙන් කර දුන් පසුව නැවත වැඩ ආරම්භ කෙරේ.

(ඈ) අදාළ නොවේ.

 

Answered Date

2013-04-09

Answered by

Hon. W. D. J. Seneviratne, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks