බලන්න

02

E   |     |  

 දිනය: 2012-11-12   පිළිතුර ලබා දී ඇත 

1891/2012: නොච්චියාගම සතිපොළ : ගොඩනැඟිලි

1891/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ‍නොච්චි‍යාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි නොච්චියාගම සතිපොළට අයත් ගොඩනැගිලි කිහිපයක් ප්‍ර‍යෝජනයට ‍නොගෙන විනාශයට පත්වීමට ඉඩහැර ඇති බවත්;

  (ii) මෙම ගොඩනැගිලි විනාශ‍යට පත්වීමට ඉඩහැරීම ජාතික අපරාධයක් බවත්;

එතුමා  පිළිගන්නෙහිද?

(ආ) (i) එම ගොඩනැගිලි ප්‍රයෝජනයට නොගන්නේ නම්, වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා යොදා ගැනීමේ සැලසුමක් පවතින්නේද;

(ii) එසේ නම්, එම සැ‍ලසුම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-12

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා

(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க )

(The Hon. Indika Bandaranayake)

ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      විනාශයට පත් වීමට ඉඩ හැර නැත.

              (ii)      ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(ආ)         (i)      ඔව්.

              (ii)      නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද නව නගර නිර්මාණ සැලැස්මට අනුව නොච්චියාගම බස් නැවතුම් පොල මෙකී  සතිපොළ භූමියට ආසන්නව   ස්ථානගත කිරීම.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2012-11-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks