පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1881/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි ගිරිබාව ශ්‍රවණාගාරය ප්‍රයෝජනයට නොගෙන විනාශවීමට ඉඩහැර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;
(ii) ඒ සඳහා අරමුදල් සපයන ලද ආයතනය කුමක්ද;
(iii) එම ගොඩනැගිල්ල මෙලෙස විනාශවීමට ඉඩහැර තිබීමට හේතු කවරේද;
(iv) ශ්‍රවණාගාරය භාවිතය සඳහා පවතින බාධාවන් ඉවත්කර මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට සැලසුම්කර තිබේද;
(v) එසේ නම්, ඊට ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-10-12
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்ட லுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)
ගරු කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) විනාශ වීමට ඉඩ හැර නැත.
(ආ) (i) නොදනී.
(ii) ඉදිකිරීම් කර ඇත්තේ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය මඟිනි.
(iii) විනාශ වීමට ඉඩ හැර නැත.
(iv) ඔව්.
(v) කඩිනමින් අලුත්වැඩියාව කරවා ගැනීමට අදාළ ආයතන උනන්දු කරවන අතර ඒ සඳහා ඔවුන් ගන්නා කාලය නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැක.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks