01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

2662/2022: ආබාධ සහිත පුද්ගලයන්: දීමනා

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      2012 වර්ෂයේ ජන හා සංගණන වාර්තාවන්ට අනුව 1,533,798කි.

              (ii)      අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් වාර්ෂිකව රුපියල් මිලියන 4,320ක් වැය කරනු ලැබේ.

              (iii)        දීමනා ලබාදීම්:-

                        අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ලබා දීම.

වකුගඩු ආබාධ සහිත තැනැත්තන් 39,150ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ලබා දීම.

ආධාර ලබාදීම්:-

ආබාධ සහිත තැනැත්තන් සඳහා වෛද්‍යාධාර එක් අයෙකුට උපරිමය රුපියල් 20,000ක් ලබා දීම.

ආබාධ සහිත තැනැත්තන් සඳහා අධ්‍යාපන ආධාර එක් අයෙකුට උපරිමය රුපියල් 10,000ක් ලබා දීම.

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා ආධාර එක් අයෙකුට උපරිමය රුපියල් 25,000ක් ලබා දීම.

ආබාධ සහිත තැනැත්තන් සඳහා ආධාරක උපකරණ එක් අයෙකුට උපරිමය රුපියල් 20,000ක් ලබා දීම.

(iv) පොරොත්තු ලේඛනවල සිටින ආබාධිත පුද්ගලයන් සංඛ්‍යාව පුද්ගලයන් 62,457කි.

(ආ)    ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks