පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-21
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හා එකී සංශෝධිත පනත්වල විධිවිධානයන්ට අනුව මෙම කොමිෂන් සභාව වෙත අක්කර 50ක ඉඩම් අයිතිය සීමාව ඉක්ම වූ තැනැත්තන් හා සමාගම් සතුව පැවති කෘෂිකාර්මික ඉඩම් මෙම කොමිෂන් සභාව වෙත ප්‍රකාශිතව පවරාගෙන ඇත. දළ වශයෙන් මෙසේ ප්‍රකාශිතව පැවරී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 1,085,000ක් පමණ වේ. එම තොරතුරු පහත වගුව ආශ්‍රයෙන් දක්වමි.
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
I අදියර |
II අදියර |
||||
|
|
|
අක්කර |
රූඩ් |
පර්චස් |
අක්කර |
රූඩ් |
පර්චස් |
|
01 |
ගම්පහ |
|
|
|
|
|
|
|
02 |
පුත්තලම (මාදම්පේ) |
49,759 |
0 |
17 |
1,025 |
2 |
00 |
|
03 |
කොළඹ (පාදුක්ක) |
22,842 |
0 |
32 |
8,274 |
1 |
30 |
|
04 |
නුවරඑළිය |
99,823 |
0 |
36 |
1,140 |
0 |
31 |
|
05 |
කළුතර |
78,464 |
0 |
35 |
8,702 |
0 |
03 |
|
06 |
හම්බන්තොට (තංගල්ල) |
7,043 |
0 |
02 |
|
|
|
|
07 |
බදුල්ල |
116,577 |
0 |
19 |
2,864 |
1 |
08 |
|
08 |
මාතර |
21,727 |
0 |
12 |
2,134 |
2 |
33 |
|
09 |
අම්පාර |
5,198 |
2 |
03 |
|
|
|
|
10 |
යාපනය |
3,520 |
0 |
31 |
|
|
|
|
11 |
වව්නියා |
1,271 |
3 |
34 |
|
|
|
|
12 |
මන්නාරම |
3,424 |
3 |
21 |
|
|
|
|
13 |
රත්නපුරය |
121,189 |
1 |
37 |
19,939 |
2 |
33 |
|
14 |
කෑගල්ල |
54,493 |
3 |
32 |
4,138 |
1 |
16 |
|
15 |
මඩකලපුව |
4,122 |
3 |
01 |
|
|
|
|
16 |
ත්‍රිකුණාමලය |
2,165 |
3 |
25 |
|
|
|
|
17 |
මහනුවර |
102,260 |
2 |
16 |
158,925 |
3 |
37 |
|
18 |
මාතලේ |
34,096 |
2 |
28 |
2,587 |
1 |
06 |
|
19 |
මොණරාගල |
13,234 |
2 |
13 |
696 |
0 |
00 |
|
20 |
ගාල්ල |
35,604 |
3 |
13 |
16,321 |
2 |
08 |
|
21 |
කුරුණෑගල |
65,019 |
0 |
29 |
3,087 |
1 |
09 |
|
22 |
අනුරාධපුරය |
7,510 |
3 |
34 |
|
|
|
|
23 |
පොළොන්නරුව |
431 |
1 |
12 |
|
|
|
මෙසේ පැවරුණු ඉඩම් පවරා ගැනීමේදී මැනුම් කිරීමක් සිදු කර නොමැත. තවද, එකල ස්ථාපිත කරන ලද රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත අක්කර 650,000ක් පමණ ගැසට් මඟින් පවරා දී තිබේ. මෙසේ පවරාදීමේදී ද මැනුම් කිරීමකින් තොරව පවරා දීමට කටයුතු කර ඇත. ඉහත පැවරුණු ප්‍රමාණයන් ප්‍රකාශිත ලේඛන පදනම් කොටගෙන පිළියෙල කරනු ලැබ ඇති අතර, මැනුම් කර හඳුනා ගැනීමකදී මෙම බිම් ප්‍රමාණයන්හි වෙනස්කම් පැවතිය හැකිය.
එසේම, ඉතිරි ඉඩම් ප්‍රමාණය විවිධ අරමුණු සඳහා බැහැර කිරීම් කර ඇති අතර, එසේ බැහැර කිරීමේදී අදාළ මුල් ඉඩමේ කොටස් මැනුම් කරමින් පවරා දීමට කටයුතු කර ඇත. මේ වන විට ශේෂව පවතින ඉඩම් ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳ නිශ්චිත කර ගැනීමට බැහැර කර ඇති ඉඩම් ප්‍රමාණ හඳුනා ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සමීක්ෂණයක් සිදු කරමින් පවතින අතර, එම තොරතුරු පාදක කරගනිමින් යාවත්කාලීන කරන ලද ඉඩම් ලේඛනයක් සකස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
ඒ ඒ ප්‍රකාශකයින් පදිංචි දිස්ත්‍රික්කය අනුව ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණද ඒ ඒ තැනැත්තා සතුව දිස්ත්‍රික් කිහිපයකින් ඉඩම් ප්‍රකාශන ඉදිරිපත් කර ඇත. තවද, මෙකී පවරාගැනීමේ ක්‍රියාවලිය තුළ පවරාගන්නා ලද ඉඩම් එම අවස්ථාවේදී මැනුම් කිරීමක් හෝ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල මුල් ලියාපදිංචිය ලේඛනගත කිරීමක්ද මේ දක්වා සිදු වී නොමැත.
මේ වන විට මෙකී ප්‍රකාශන පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් වර්තමානය වන විට එක් එක් දිස්ත්‍රික්කයන් සතු ඉතිරි ඉඩම් ප්‍රමාණය හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් කරමින් පවතින අතර, ඒ ඇසුරින් පැවරුණු හා බැහැර කරන ලද ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් ඉඩම් ලේඛනයද යාවත්කාලීන කරමින් පවතියි. එහි කටයුතු අවසන් වීමෙන් පසු එක් එක් දිස්ත්‍රික්ක තුළ කොමිෂන් සභාව සතුව පවත්නා ඉඩම් ප්‍රමාණය කොතෙක්ද යන්න හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
ගරු මන්ත්‍රීතුමියනි, මේ කාරණයට මම පුංචි එකතු කිරීමක් කරනවා. ලංකාවේ තිබෙන ඉඩම් සියල්ලේම land mapping එකක් කරන්න අවසර ගන්න දැනට අපි උත්සාහ කරනවා. ඒකට කොරියානු රජයෙන් වෙනම ආධාරයක් ලැබී තිබෙනවා. ඒ land mapping එක කළොත් මේ ප්‍රශ්න ගොඩක් දුරට හඳුනා ගැනීමට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයෙන් අවසර ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ඇත්තටම මේ සමීක්ෂණවල සමහර තැන්වල ලොකු අඩු පාඩු තිබෙනවා. ඉඩම් අමාත්‍යාංශය ඇතුළත තිබෙන තරම් අඩු පාඩු ලංකාවේ කොයි අමාත්‍යංශයකවත් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ.
ඩිජිටල්කරණයකින් ඒ ෆයිල් සොයා ගැනීම වාගේම ඒ ඉඩම් කවුරු ළඟද, කොහේද තිබෙන්නේ කියලා හොයා ගන්න අලුත්ම ක්‍රමවේදයකට යා යුතුයි කියන අදහසේ මමත් ඉන්නවා.
(ii) හිමිකම්පත් -ඔප්පු- ලබා දීමට කටයුතු කර ඇත. තවද, කොමිෂන් සභාව සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචිව හෝ භුක්ති විඳිමින් සිටින තැනැත්තන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් වෙත අනුමත චක්‍රලේඛ 2021/01හි දක්වා ඇති ප්‍රතිපාදන යටතේ හිමිකම්පත් ලබා දීම වර්තමානයේද ක්‍රියාත්මක කරමින් පවතින වැඩ පිළිවෙළක් බව සඳහන් කරමි.
(iii) ලේඛනගත තොරතුරු අනුව 1995 වසරේ සිට 2021 වසර දක්වා හිමිකම්පත් ලෙස සින්නක්කර ඔප්පු 110,931ක් ලබා දී ඇත. අනවසරකරුවන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම කොමිෂන් සභාව වෙත ඉඩම් පැවරුණු අවස්ථාවේ සිට ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් වූ අතර, එකී කාල වකවානුව තුළ අදාළ ලේඛන තොරතුරු දිරාපත්වීම සහ කාලයත් සමග විනාශයට පත්ව තිබීම හේතුවෙන් සමස්තය පිළිබඳ සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කළ නොහැක.
ඒ කාරණය තමයි මම කලිනුත් කිව්වේ. ෆයිල් නැහැ කියනවා, මීයෝ කෑවා කියනවා, නැති වෙලා කියනවා. මේවා Electronic filing කරන්න පුළුවන්; E-filing කරන්න පුළුවන්. එහෙම කළා නම් මේ ලේඛන ගොඩාක් දුරට ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. දැනට අපි ඒ ක්‍රමවේදය සොයා බලමින් යනවා. ඒක එන සතියේ විතර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි.
(ආ) (i) ලබා දී ඇත.
(ii) ලබාදීමට නියමිතයි. කොමිෂන් සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබාදීම තුළින් බදු ආදායම ඉපයීම වේ. එබැවින්, ආයතනයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ආදායම් උපයා ගැනීම පිණිස ඉදිරියටත් අනුමත චක්‍රලේඛ සහ විධිවිධානවලට අනුකූලව බදු දීමට අදාළව කටයුතු කෙරේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-09-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks