04

E   |     |  

 දිනය: 2022-09-21   පිළිතුර ලබා දී ඇත 

2621/2022: ඖෂධ: මිල වැඩි කිරීම

----

අසන ලද දිනය

2022-09-21

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      ඔව්.

                        ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ මිල ඉහළ යෑම පදනම් කර ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ  අනුමැතිය මත 2022 වර්ෂයට අදාළව මිල ඉහළ නැංවීම් සිදු කර ඇත.

              (ii)         නැත.

             (iii)         ඔව්.

                         ඖෂධ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයක් නොමැතිව අධික මිල ගණන් අය කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 125 වගන්තිය ප්‍රකාරව බලයලත් නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේ කටයුතු                      සිදු කරනු ලබයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ, ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් විසින් රට පුරා මේ සම්බන්ධයෙන් මිල ගණන් පරීක්ෂණ කටයුතු කරනු ලබයි.

(ආ) (i) ඔව්.

          එක් එක් ඖෂධවලට අදාළ ඖෂධීය නාමයන් - generic names - ඇති අතර, එකී ඖෂධීය නාමයන් හඳුන්වනු ලබන ඖෂධය සඳහා වෙළෙඳ නාම - brand names - කිහිපයක් පැවැතිය හැකිය. එහිදී එකම ඖෂධීය නාමය යටතේ වන යම් ඖෂධයක්, විවිධ වෙළෙඳ නාමයන් යටතේ විවිධ රටවල නිෂ්පාදකයන් විසින් නිපදවනු ලබන බැවින් විවිධ මිල ගණන් යටතේ ඖෂධ අළෙවිකරුවන් විසින් අධිකාරියේ අනුමැතියට යටත්ව විකිණීමට හැකියාව පවතී.

(ii) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියක් නොමැතිව වැඩි මිලට ඖෂධ අළෙවි කරනු ලබන අළෙවිකරුවන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරනු ලබන අතර, එකී තැනැත්තන්ට එරෙහිව අධිකාරිය විසින් නෛතික ක්‍රියා මාර්ග ගනු ලබයි. ඒ අනුව වැඩි මිලට ඖෂධ විකිණීම අධිකාරිය නිකුත් කර ඇති බලපත්‍ර සහ ලියා පදිංචි සහතිකවල කොන්දේසි කඩ කිරීමක් සේ සලකා අධිකාරිය පනතේ 65 (1) වගන්තිය ප්‍රකාරව අදාළ බලපත්‍ර සහ ලියා පදිංචි සහතික අවලංගු කිරීම, වැඩි මිලට ඖෂධ විකුණනු ලබන ආනයනකරුවන්ට අවවාද කිරීම ආදී නෛතික ක්‍රියා මාර්ග ගැනීම සඳහා ද අධිකාරිය විසින් කටයුතු කරනු ලබයි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2022-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks