04

E   |     |  

 දිනය: 2022-09-21   පිළිතුර ලබා දී ඇත 

2602/2022: පොල්ගහවෙල-කුරුණෑගල දුම්රිය මාර්ගය: ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීම

----

අසන ලද දිනය

2022-09-21

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ව්‍යාපෘතියට අදාළ වාර්තා - Detailed Project Report, Preliminary Design, Engineering Estimate - ප්‍රවාහන අමාත්‍යංශය මඟින් මුදල් අමාත්‍යංශයේ අනුමැතියට ඉදිරිපත් කර ඇත. ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

              (ii)      ඔව්.

             (iii)      අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තා සඳහා මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලද විගස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇත.

ව්‍යාපෘතිය ආරම්භ කළ දිනය මට නිශ්චිත වශයෙන් සඳහන් කරන්න අමාරුයි, ගරු මන්ත්‍රීතුමා. ඊට හේතුව, පවතින දැවැන්ත මූල්‍ය අර්බුදයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසා මේ ණය යෝජනා ක්‍රමවලත් ලැබීම් අත්හිටුවා තිබෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා, ලබන වර්ෂයේදීවත් අය වැය ප්‍රතිපාදනවලට මෙය ඇතුළත් කරලා ඔබතුමන්ලා උනන්දුවක් දක්වන මේ ව්‍යාපෘතිය පටන් ගන්න.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks