01

E   |     |  

 දිනය: 2022-10-20   පිළිතුර ලබා දී ඇත 

2538/2022: කප්රුක අරමුදල: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2022-10-20

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මෙම කාලය තුළ කප්රුක අරමුදලේ යම් අක්‍රමිකතාවක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුවීම පිළිබඳ මෙතෙක් හඳුනා ගැනීමක් හෝ ඔප්පු වීමක් සිදුව නොමැත. කෙසේ නමුත් කප්රුක සමිති සාමාජිකයින් විසින් ණය ගෙවීම පැහැර හැරීම් සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

              (ii)       1.      පොල් ගැනුම්-විකුණුම් ව්‍යාපෘතිය යටතේ ලබා දී ඇති ණය අය නොවීම්.

2.  කප්රුක සමිති වෙත ලොරි රථ මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ ලබා දී ඇති ණය අය නොවීම්.

(iii) 1. පොල් ගැනුම්-විකුණුම් ව්‍යාපෘතිය

ව්‍යාපෘතිය යටතේ ලබා දුන් රුපියල් මිලියන 17.7ක ණය මුදලින් රුපියල් මිලියන 8.26ක හිඟ ණය මුදලක් පවතී.

(ඇමුණුම  - 01 මඟින් ණය ගෙවීම පැහැර හැර ඇති සමිතිවල නාම ලේඛනය දක්වා ඇත.)

2.  කප්රුක සමිති වෙත ලොරි රථ මිලදී ගැනීමේ ව්‍යාපෘතිය

     කප්රුක සමිති වෙත ලොරි රථ 48ක් මිලදී ගැනීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 22.45ක ණය මුදලින් පොලිය සමඟ රුපියල් මිලියන 22.41ක හිඟ ණය මුදලක් පවතී. (ඇමුණුම - 02)

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

(ආ) (i) 

  • මෙම ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට 2020.12.22 හා 2022.02.23 දිනවලදී පැවැති කප්රුක අරමුදල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.‍
  • කප්රුක අරමුදලේ ස්ථිර කාර්ය මණ්ඩලයක් නොමැති බැවින් පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා මෙම කාර්යය සිදු කිරීමට සැලසුම් කර ඇත.

(ii) මේ ‍වන තෙක් හඳුනාගෙන නොමැත.

(iii) විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නොමැත.

(iv) අදාළ විමර්ශනය මඟින් හෙළිදරව් වන කරුණු ප්‍රකාරව තීරණය වේ. නිලධාරින්ගේ යම් අක්‍රමිකතාවක් හඳුනා ගතහොත් ඒ අනුව විනයානුකූලව කටයුතු කිරීමට සිදු‍ වේ.

(v)

  • ඉදිරියේදී කප්රුක අරමුදල විසින් විවිධ සංවර්ධන වැඩසටහන් සඳහා රජයේ බැංකු හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
  • ණය ගෙවීම පැහැර හැර ඇති කප්රුක සමිති හා සමිති සාමාජිකයන් සමඟ අරමුදලේ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් පවතින අපහහසුතා පිළිබඳ සාකච්ඡා කර ඇත.
  • ඒ අනුව, ලොරි රථවල කල් බදු වාරික නැවත ප්‍රතිව්‍යුහගත කර හිඟ ණය මුදල එකවර කප්රුක අරමුදල වෙත ලබා දීමට කප්රුක සමිති සාමාජිකයන් විසින් එකඟතාව පළ කර ඇත.
  • එම ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයක් සඳහා හැකියාවක් පවතීද යන්න සම්පත් බැංකුවෙන් ලිඛිතව විමසා ඇත. ලොරි රථ සඳහා සම්පත් බැංකුව වෙත සමිති සාමාජිකයන් විසින් ගෙවිය යුතු කල්බදු වාරිකය ගෙවා අවසන් වුවද, කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලයේ අනුදැනුමකින් තොරව අදාළ ලොරි රථ කප්රුක සමිති වෙත නිදහස් නොකරන ලෙස ලිඛිතව සම්පත් බැංකුව වෙත දන්වා ඇත.
  • පොල් වගාකිරීමේ මණ්ඩලයට අනුයුක්ත සංවර්ධන නිලධාරින් මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමානුකූලව යොදා ගැනීමට සැලසුම් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2022-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks