01

E   |     |  

 දිනය: 2022-09-20   පිළිතුර ලබා දී ඇත 

2517/2022: කථිකාචාර්යවරුන් සඳහා පශ්චාත් උපාධි පාඨමාලා: වෙන් කළ මුදල

----

අසන ලද දිනය

2022-09-20

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2010 වර්ෂයේ සිට පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තෝරා ගන්නා ලද විශ්වවිද්‍යාල ආචාර්යවරු සංඛ්‍යාව පහත පරිදි වේ.

 

ආයතනය

තෝරා ගන්නා ලද ආචාර්යවරු සංඛ්‍යාව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින්

2,423

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මඟින්

     15

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින්

     19

එකතුව

2,457

(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් තෝරා ගන්නා ලද ආචාර්යවරු ලැයිස්තුව ඇමුණුම 01 යටතේ දක්වා ඇත.

                        ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මඟින් තෝරා ගන්නා ලද ආචාර්යවරු ලැයිස්තුව ඇමුණුම 02 යටතේ දක්වා ඇත.

                        ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් තෝරා ගන්නා ලද ආචාර්යවරු ලැයිස්තුව ඇමුණුම 03 යටතේ දක්වා ඇත.

ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.

 

(iii)

 

ආයතනය

වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රු.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් (අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ඇති එහෙත් ඔවුන් විසින්ම සපයාගත් අරමුදල් භාවිත කර පශ්චාත් උපාධි හැදෑරූ අය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන නොමැත.)

11,878,184,216.40

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මඟින්

498,589.94

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින්

4,245,000.00

එකතුව

11,882,927,806.34

 

(ආ) (i)

ආයතනය

පශ්චාත් උපාධි හැදෑරීම  අතරමඟ නවතා ඇති ආචාර්යවරුන් සංඛ්‍යාව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත්

188

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට අයත්

01

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අයත්

--

එකතුව

189

 

 

(ii) · විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත් ආචාර්යවරුන් ලැයිස්තුව - ඇමුණුම 01 (8 තීරුවෙහි දක්වා ඇත.)

මේ සියලු තොරතුරු මා ළඟ තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. දීර්ඝ ලේඛනයක් තිබෙන්නේ.

· ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට අයත් ආචාර්යවරුන් ලැයිස්තුව - ඇමුණුම 02

(iii)

ආයතනය

වටිනාකම රුපියල්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

927,250,146.95

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

*--

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

--

එකතුව

927,250,146.95

*        ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට අයත් ආචාර්යවරයා ගිවිසුම කඩකර ඇති හෙයින් ඇප බැඳුම්කරයේ වටිනාකම වන රුපියල් 5,134,624.00ක මුදල විශ්වවිද්‍යාලය විසින් අය කරගෙන ඇති අතර, අපතේ ගොස් ඇති මුදලක් නැත. සියලු මුදල් අය කරගෙන තිබෙනවා.

(iv)                         

Ø මෙම ක්‍රියාමාර්ග මූලික වශයෙන් ගනු ලබන්නේ අදාළ විශ්වවිද්‍යාලය වන අතර, විශ්වවිද්‍යාලය විසින් ප්‍රථමයෙන් එම සේවකය‍ාගේ විශ්වවිද්‍යාල සේවක අර්ථසාධක අරමුදලින් අය කරනු ලබයි.

ඉතිරිය එකවර හෝ කොටස් වශයෙන් ගෙවීමට පවතින නීති රීති අනුව අනුමැතිය ලබා දේ.

එයින් පසුව අධිකරණ ක්‍රියාමාර්ගයට එළැඹෙන අතර, සේවකයාට සහ අදාළ ඇපකරුවන්ට නඩු පවරනු ලබයි.

තවද, විශ්වවිද්‍යාලවල ගිවිසුම්ගත මුදල් අයකරගැනීමේ කමිටුවල - Bond Recovery Review Committeesවල- අයකරගැනීමේ කටයුතු සාකච්ඡා කර අදාළ තීරණ ගනු ලබයි.

එසේම, සේවයේ සිටින නියමිත කාල පරිච්ඡේදය තුළ අධ්‍යයන කටයුතු සම්පූර්ණ නොකළ අයගේ වැටුපෙන් අදාළ මුදල අයකරගැනීම සඳහා මුදල් රෙගුලාසි 119 අනුව කටයුතු කරනු ලබයි.

Ø විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවශ්‍ය නීති ගිවිසුම් කටයුතු යාවත්කාලීන කර චක්‍රලේඛ උපදෙස් මඟින් සියලු විශ්වවිද්‍යාල වෙත දන්වන අතර, නිරන්තර අධීක්ෂණය ද කරනු ලබයි.

Ø එසේම, ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය මුලසුන දරන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී නීති රීති යාවත්කාලීන කිරීම සහ ගිවිසුම් කඩකරන ලද අයගෙන් මුදල් අයකරගැනීම පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරනු ලබන අතර, අවශ්‍ය උපදෙස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා විශ්වවිද්‍යාල වෙත නිකුත් කරයි.

Ø එසේම, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ V පරිච්ඡේදයේ 7.8 අනුව පහත සඳහන් ආයතනය වෙත ගිවිසුම් කඩකරන ලද පාර්ශ්වයන් පිළිබඳව ලිඛිතව දැන්වීමට කටයුතු කරනු ලැබේ.

 

අ) ශිෂ්‍යත්වය ප්‍රදානය කළ ආයතනය - (අදාළ තැනැත්තා කොමිෂන් සභාව / උසස් අධ්‍යාපන ආයතනය සමඟ බැඳුම්කරයකට අත්සන් කර ඇති බව දන්වමින්)

ආ) පහත සඳහන් නිලධාරින් - (අදාළ තැනැත්තාගේ ගමන් බලපත්‍රයේ වලංගුභාවය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව)

- තනතුර අත්හැර ගිය තැනැත්තා සිටි බවට / සිටින බවට වාර්තා වී ඇති රටේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හෝ තානාපතිවරයා

- අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්

- විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්

- ආගමන විගමන පාලකවරයා

- විනිමය පාලකවරයා

ඇ) පහත සඳහන් නිලධාරින් - (අදාළ තැනැත්තාගේ රජයේ, රාජ්‍ය සංස්ථාවල හෝ සංස්ථාපිත මණ්ඩලවල රැකියා ලබා ගැනීම වැළැක්වීම කළ යුතු බව)

- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්

- මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2022-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks