පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1833/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය රජයේ පාසල්වල දුෂ්කර සේවා කාලය අවසන් වීමෙන් පසු මාරුවීම් නොලැබ දැඩි කලකිරීමට පත් ගුරුවරුන් විශාල සංඛ්‍යාවක් සිටින බවත්;
(ii) එසේ කලකිරීමට පත්වීම එම ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය පිරිහීමට හේතු වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වන විට මාතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන මාරු වීම් ඉල්ලා සිටින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම දිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතා (අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி த சொய்சா - கல்வி பிரதி அமைச்சர்)
(The Hon. Gamini Wijith Wijayamuni De Zoysa - Deputy Minister of Education)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධ්‍යාපන ඇමතිතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) දැනට මාතර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය රජයේ පාසල්වල සේවය කරනු ලබන දුෂ්කර සේවා කාලය සම්පූර්ණ කරන ලද ස්ථාන මාරුවීම් ඉල්ලා ඇති විශාල ගුරු භවතුන් ප්‍රමාණයක් නොමැත.
(ii) මාතර දිස්ත්‍රික්කයේ විභාග ප්‍රතිඵල දෙස අවධානය යොමු කිරීමේදී ඉගැන්වීම් ක්‍රියාවලියේ පිරිහීමක් දක්නට නොමැත.
(ආ) (i) මේ වන විට ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින දෙමළ මාධ්‍ය ගුරු භවතුන්ගේ සංඛ්‍යාව 10ක් පමණ වේ.
(ii) මේ වන විට දකුණු පළාත් සභාව විසින් නවක ගුරු භවතුන් බඳවා ගැනීමට අදාළව ඉල්ලුම්පත් කැඳවා ඇති අතර එකී නවක පත්වීම් ලබා දීමේ දී හෝ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්වලදී නිශ්චිත සුදුසුකම් සපුරා ඇති ගුරු භවතුන්ට ස්ථාන මාරු ලබා දීමට ක්‍රියා කරන බව දන්වමි.
(iii) නවක ගුරු භවතුන් බඳවා ගත් විගස මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව දන්වමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks