පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1828/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තැපැල් දෙපාර්තමේන්තුවේ මේ වන විට විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවත්;
(ii) 2006 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා ඉල්ලුම්පත් කැඳවූ බවත්;
(iii) එම තරඟ විභාගය 2007 වර්ෂයේදී පවත්වා 2008 වර්ෂයේදී ප්‍රතිඵල නිකුත් කර ඇති බවත්;
(iv) එම ප්‍රතිඵල අනුව මෙතෙක් බඳවා ගැනීම් සිදුකර නොමැති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) 2008 වර්ෂයේ නිකුත් කළ විභාග ප්‍රතිඵල අනුව අදාළ බඳවා ගැනීම් සිදු නොකිරීමට හේතු කවරේද;
(ii) එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම දින වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තැපැල් සේවා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඔව්.
(ii) ඔව්. 2006 මාර්තු 10වැනි සිකුරාදා පළ කරන ලද 1436 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රයේ ඒකාබද්ධ තැපැල් සේවයේ 'ආ' කාණ්ඩයේ 1 'ආ' ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරි තනතුරට බඳවා ගැනීමේ පොදු තරග විභාගය සඳහා 2006.04.12වැනි දිනට සුදුසුකම් ලත් අයගෙන් අයදුම් පත් කැඳවන ලදි.
(iii) ඔව්. එම විභාගය 2007.06.09 දින පවත්වන ලදී. 2008 වර්ෂයේ දී ප්‍රතිඵල නිකුත් කර ඇත.
(iv) එම ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කර ඇත. මෙහිදී අදාළ ශ්‍රේණියේ තනතුරු 128ක් පමණක් පිරවීමට අය වැය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රතිපාදන වෙන් කිරීම අනුමත කරන ලදි. විභාග කොමසාරිස් උපරිම කුසලතා දැක්වූවන් 170කගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලද අතර, එයින් කුසලතා අනුපිළිවෙළකට 128ක් තෝරා ගන්නා ලදි. තනතුරු පිරිනැමීමේදී 20 දෙනෙකු තනතුරු ප්‍රතික්ෂේප කරන ලද අතර, 2008.09.01දින 108 දෙනෙකු පත්වීම් ලබා ගන්නා ලදී. ඒ අනුව ඉතිරි වූ පුරප්පාඩු 20 පිරවීම සඳහා කුසලතා ලේඛනය 129 සිට ඉදිරියට 52 දෙනෙකුට ලකුණු 152 බැගින් සම ලකුණු ලබා තිබූ හෙයින් ද, ප්‍රතිපාදන හා අනුමැතිය තිබුණේ පුරප්පාඩු 20ක් පිරවීම සඳහා හෙයින් ද, 52න් 20ක් වෙන් කළ නොහැකි වූ බැවින්, එම අවස්ථාවේදී ඉතිරි පුරප්පාඩු පුරවා නැත.
(ආ) (i) ඉහතින් පැහැදිලි කර ඇත.
(ii) ඉතිරි පුරප්පාඩු 20 ඊට පසුව දෙපාර්තමේන්තුව තුළ නිලධාරින් විශ්‍රාම යාම හා ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩු සමඟ ගණනය කර, සම ලකුණු ලබා ගත් 50 දෙනා ඉහත කී විභාගයේ ප්‍රතිඵල මතම බඳවා ගැනීමට කළමනාකරණ සේවා චක්‍රලේඛ 36 මඟින් ලබා දී ඇති ප්‍රතිපාදන මත අනුමත කර 2009.11.03 දින වන විට අදාළ පුරප්පාඩු පුරවා ඇත.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks