05

සි   |     |  

 Date: 2012-08-08   Answered 

1828/2012: RECRUITMENT OF POSTAL OFFICERS : COMPETITIVE EXAMINATION

1828/’11

Hon. Buddhika Pathirana,— To ask the Minister of Postal Services,—

(a) Will he admit that—

(i) a large number of vacancies exist at the Department of Post at present ;

(ii) applications for the competitive examination to recruit Postal Officers to the aforesaid Department were called in the year 2006 ;

(iii) the aforesaid examination was held in the year 2007 and the results were issued in the year 2008 ; and

(iv) no recruitments have been made on the above mentioned results up to now?

(b) Will he inform this House—

(i) of the reasons for not making the relevant recruitments on the examination results issued in 2008 ;

(ii) whether action will be taken to fill the above vacancies ; and

(iii) if so, the date on which it will be done?

(c) If not, why?

 

Asked Date

2012-08-08

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Postal Services

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තැපැල් සේවා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්. 2006 මාර්තු 10වැනි සිකුරාදා පළ කරන ලද 1436 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රයේ ඒකාබද්ධ තැපැල් සේවයේ 'ආ' කාණ්ඩයේ 1 'ආ' ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරි තනතුරට බඳවා ගැනීමේ පොදු තරග විභාගය සඳහා 2006.04.12වැනි දිනට සුදුසුකම් ලත් අයගෙන් අයදුම් පත් කැඳවන ලදි.

(iii) ඔව්. එම විභාගය 2007.06.09 දින පවත්වන ලදී.  2008 වර්ෂයේ දී ප්‍රතිඵල නිකුත් කර ඇත.

(iv) එම ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කර ඇත. මෙහිදී අදාළ ශ්‍රේණියේ තනතුරු 128ක් පමණක් පිරවීමට අය වැය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රතිපාදන වෙන් කිරීම අනුමත කරන ලදි. විභාග කොමසාරිස් උපරිම කුසලතා දැක්වූවන් 170කගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලද අතර, එයින් කුසලතා අනුපිළිවෙළකට 128ක් තෝරා ගන්නා ලදි. තනතුරු පිරිනැමීමේදී 20 දෙනෙකු තනතුරු ප්‍රතික්ෂේප කරන ලද අතර, 2008.09.01දින 108 දෙනෙකු පත්වීම් ලබා ගන්නා ලදී. ඒ අනුව ඉතිරි වූ පුරප්පාඩු 20 පිරවීම සඳහා කුසලතා ලේඛනය 129 සිට ඉදිරියට 52 දෙනෙකුට ලකුණු 152 බැගින් සම ලකුණු ලබා තිබූ හෙයින් ද, ප්‍රතිපාදන හා අනුමැතිය තිබුණේ පුරප්පාඩු 20ක් පිරවීම සඳහා හෙයින් ද, 52න් 20ක් වෙන් කළ නොහැකි වූ බැවින්, එම අවස්ථාවේදී ඉතිරි පුරප්පාඩු පුරවා නැත.

(ආ) (i) ඉහතින් පැහැදිලි කර ඇත.

(ii) ඉතිරි පුරප්පාඩු 20 ඊට පසුව දෙපාර්තමේන්තුව තුළ නිලධාරින් විශ්‍රාම යාම හා ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩු සමඟ ගණනය කර, සම ලකුණු ලබා ගත් 50 දෙනා ඉහත කී විභාගයේ ප්‍රතිඵල මතම  බඳවා ගැනීමට කළමනාකරණ සේවා චක්‍රලේඛ 36 මඟින් ලබා දී ඇති ප්‍රතිපාදන මත අනුමත කර 2009.11.03 දින වන විට අදාළ පුරප්පාඩු පුරවා ඇත.

 (iii)       අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

 

Answered Date

2013-01-22

Answered by

Hon. Dinesh Gunawardena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks