බලන්න

04

E   |     |  

 දිනය: 2012-07-06   පිළිතුර ලබා දී ඇත 

1826/2012: 2011 WORLD CUP CRICKET TOURNAMENT : DETAILS

1826/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2011 ලෝක කුසළාන ක්‍රිකට් තරඟාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)        (i)       ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය ලබා දී තිබෙන සමාගමෙහි නම කුමක්ද;

  (ii)  එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන පුද්ගලයා කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් සම්භාරයෙන් හම්බන්තොට ක්‍රීඩාංගණය ගොඩනැගීමට සහ අනෙකුත් ක්‍රීඩාංගණ සඳහා වැයකළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත්  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා (ක්‍රීඩා අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்தானந்த அலுத்கமகே -  விளையாட்டுத்துறை அமைச்சர்)

(The Hon. Mahindananda Aluthgamage -  Minister of  Sports )

ගරු කථානායකතුමනි,  මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට‍ පෙර  ඔබතුමාගේ අවධානය යොමු කළ යුතු කාරණයක් තිබෙනවා. මේ ප්‍රශ්නයට මගේ පිළිතුර සූදානම්. විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විටින් විට  මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මගෙන්  මේ අහන්නේ දොළොස්වන වතාවටයි. එක එක විධියට අහනවා, එකම ප්‍රශ්නය.  දොළොස්වන වතාවට මම මේ  උත්තර දෙන්නේ. ඔබතුමාගේ අවධානයට  ඒකත් යොමු කරනවා. එකම ප්‍රශ්නය විවිධ විධියට  අහනවා.

මේ ප්‍රශ්නයට පිළිතුර මේකයි.

(අ) 2011  ලෝක කුසලාන  ක්‍රිකට් තරගාවලියට අදාළව                   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල්  වැය කොට  ඇත්තේ ක්‍රීඩාංගණ ඉදි කිරීම හා නවීකරණය සඳහා පමණි. අනෙක් සියලු කටයුතු සඳහා මූල්‍ය  ප්‍රතිපාදන ලබා දී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසිනි.

(ආ)  (i) ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලුම වාණිජ අයිතීන් පවරා ඇත්තේ සිංගප්පූරුවේ සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස්  පුද්ගලික සමාගම බැවින් විකාශන අයිතිය ලබා දීම සිදු කරන්නේ එම සමාගම විසිනි.

(ii)  ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය ලබා දීම සම්බන්ධව  ක්‍රිකට්  ආයතනය කටයුතු නොකළ  නිසා විකාශන  සිදු කළ ආයතනයේ  ප්‍රධාන විධායක නිලධාරියා කවුරුන්ද යන්න ක්‍රිකට් ආයතනය දැනුවත් කර  නොමැත.

(ඇ) 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ලැබුණු මුදල් ක්‍රීඩාංගණ සඳහා වියදම් වූ ප්‍රමාණය

 

ක්‍රිකට් ක්‍රීඩාංගණ

 වැය කළ මුදල (රු.මි.)

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය- හම්බන්තොට

4,283,971,010,88 මිලියන හාරදහස් දෙසිය අසූතුනක් පමණි.

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය - කොළඹ

1,657,258,697.06 මිලියන එක්දහස් හයසිය පනස්හතක් පමණි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය - පල්ලෙකැලේ

1,243,418,241.00 මිලියන එක්දහස් දෙසිය හතළිස්තුනක් පමණි.

(ඈ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks