பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
1826/ ’11
கெளரவ புத்திக பத்திரண,— விளையாட்டுத் துறை அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) 2011 உலகக் கிண்ண கிரிக்கட் போட்டித் தொடர் சம்பந்தமாக இலங்கை கிரிக்கட் நிறுவனத்தினால் மேற்கொள்ளப்பட்டுள்ள செலவீனங்கள் பற்றிய அறிக்கை ஒன்றைச் சமர்ப்பிப்பாரா?
(ஆ) (i) இலங்கை பிரிமியர் லீக் கிரிக்கட் போட்டித் தொடரின் ஒளிபரப்பு உரிமை வழங்கப்பட்ட கம்பனியின் பெயர் யாதென்பதையும்;
(ii) மேற்படி நிறுவனத்தின் பிரதான நிறைவேற்று உத்தியோகத்தராக செயற்படுகின்ற நபர் யாரென்பதையும்
அவர் இச்சபைக்கு தெரிவிப்பாரா?
(இ) 2011 உலகக் கிண்ண கிரிக்கட் போட்டித் தொடருக்காக இலங்கைக்குக் கிடைத்த பெரும் பணத்தொகையிலிருந்து அம்பாந்தொட்டை விளையாட்டு மைதானத்தை அமைப்பதற்கும் ஏனைய மைதானங்களுக்காகவும் செலவிடப்பட்டத் தொகை தனித் தனியாக எவ்வளவென்பதை அவர் இச்சபைக்கு தெரிவிப்பாரா?
(ஈ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2012-07-06
கேட்டவர்
கௌரவ புத்திக பத்திறண, பா.உ.
அமைச்சு
விளையாட்டுத்துறை
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා (ක්‍රීඩා අමාත්‍යතුමා)
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்கமகே - விளையாட்டுத்துறை அமைச்சர்)
(The Hon. Mahindananda Aluthgamage - Minister of Sports )
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ඔබතුමාගේ අවධානය යොමු කළ යුතු කාරණයක් තිබෙනවා. මේ ප්‍රශ්නයට මගේ පිළිතුර සූදානම්. විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විටින් විට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මගෙන් මේ අහන්නේ දොළොස්වන වතාවටයි. එක එක විධියට අහනවා, එකම ප්‍රශ්නය. දොළොස්වන වතාවට මම මේ උත්තර දෙන්නේ. ඔබතුමාගේ අවධානයට ඒකත් යොමු කරනවා. එකම ප්‍රශ්නය විවිධ විධියට අහනවා.
මේ ප්‍රශ්නයට පිළිතුර මේකයි.
(අ) 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වැය කොට ඇත්තේ ක්‍රීඩාංගණ ඉදි කිරීම හා නවීකරණය සඳහා පමණි. අනෙක් සියලු කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසිනි.
(ආ) (i) ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලුම වාණිජ අයිතීන් පවරා ඇත්තේ සිංගප්පූරුවේ සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් පුද්ගලික සමාගම බැවින් විකාශන අයිතිය ලබා දීම සිදු කරන්නේ එම සමාගම විසිනි.
(ii) ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය ලබා දීම සම්බන්ධව ක්‍රිකට් ආයතනය කටයුතු නොකළ නිසා විකාශන සිදු කළ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා කවුරුන්ද යන්න ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැත.
(ඇ) 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ලැබුණු මුදල් ක්‍රීඩාංගණ සඳහා වියදම් වූ ප්‍රමාණය
|
ක්‍රිකට් ක්‍රීඩාංගණ |
වැය කළ මුදල (රු.මි.) |
|
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය- හම්බන්තොට |
4,283,971,010,88 මිලියන හාරදහස් දෙසිය අසූතුනක් පමණි. |
|
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය - කොළඹ |
1,657,258,697.06 මිලියන එක්දහස් හයසිය පනස්හතක් පමණි. |
|
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය - පල්ලෙකැලේ |
1,243,418,241.00 මිලියන එක්දහස් දෙසිය හතළිස්තුනක් පමණි. |
(ඈ) පැන නොනඟී.
பதில் தேதி
2013-03-07
பதில் அளித்தார்
கௌரவ மஹிந்தானந்த அலுத்கமகே, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks