බලන්න

04

E   |     |  

 දිනය: 2022-09-23   පිළිතුර ලබා දී ඇත 

2170/2022: ගලෙන්බිඳුණුවැව ලූනු අස්වැන්න: නිසි මිල නොලැබීම

----

අසන ලද දිනය

2022-09-23

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        ගලෙන්බිඳුණුවැව ගොවිජන සේවා බල ප්‍රදේශයේ 2022 යල කන්නයේ හෙක්ටෙයාර 297ක් ලොකු ලූනු වගා කර ඇති අතර මේ වනවිට අස්වනු නෙළා අවසන් කර ඇත.

              (ii)      ලොකු ලූනු තොග විශාල ප්‍රමාණයක් නිවෙස්වල ගබඩා කර නොමැත. නමුත් ඉදිරියේදී මිල ඉහළ යතැයි ‍අපේක්ෂාවෙන් ගොවීන් සුළු සංඛ්‍යාවක් ලොකු ලූනු නිවෙස්වල ගබඩා කර තබාගෙන ඇත.

(ආ) මෙම ප්‍රදේශයේ ලොකු ලූනු අස්වැන්න ඍජුවම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත සහ ලොකු ලූනු තොග රැස් කරන්නන් වෙත අළෙවි කරනු ලබයි. ලොකු ලූනු අස්වනු නෙළන අවස්ථාවේදී ගොවීන් විසින් ම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා සම්බන්ධීකරණය කර මිල පිළිබඳව තොරතුරු ලබා ගනී. එමෙන්ම ගොවීන් විසින් ගබඩා කර තබා ගන්නා ලද ලොකු ලූනු, මිල ඉහළ ගිය විටදී අළෙවි කරනු ලබයි. එම නිසා ලොකු ලූනු අස්වැන්න අළෙවි කර ගැනීමේ ගැටලුවක් වාර්තා වී නොමැත.

(ඇ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2022-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks