බලන්න

04

E   |     |  

 දිනය: 2012-07-05   පිළිතුර ලබා දී ඇත 

1823/2012: තිහගොඩ ඉන්ධන පිරවුම්හල : පෙට්‍රල් අළෙවිය

1823/’11

ගරු බුද්ධික පතිරණ මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාතර දිස්ත්‍රික්කයේ, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි හෙන්රි නෙල්සන් රත්නායක මහතා තිහගොඩ මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලක්  පවත්වාගෙන යනු ලබන බවත්;

   (ii)  එම පිරවුම්හලේ පෙට්‍රල් අලෙවිය සඳහා අවස්ථා කීපයකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවසරය ඉල්ලා ඇතත් මේ දක්වා එම අවසරය  ලැබී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)   (i)  ඉහත ඉන්ධන පිරවුම්හලේ අනෙකුත් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදී තිබියදී පෙට්‍රල් අලෙවියට ඉඩ නොදීමට හේතු කවරේද;

  (ii)  නෙල්සන් රත්නායක මහතාට පෙට්‍රල් අලෙවිය සඳහා අවසර ලබාදීමට කටයුතු කරන්නේද;

  (iii)  එසේ නම්, එම දිනය කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

 (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු සරණ ගුණවර්ධන මහතා (ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு சரண குணவர்தன - பெற்றோலியக் கைத்தொழில்கள் பிரதி அமைச்சர்)

(The Hon. Sarana Gunawardena -  Deputy Minister of Petroleum Industries)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)       ඔව්.

              (ii)       අවසර ලබා දී ඇත.

(ආ)         (i)       මෙම ඉන්ධනහළ ආරම්භ කිරීමෙන් අනතුරුව පෙට්‍රල් අළෙවිය ඉතා පහළ මට්ටමක පැවැති බැවින්, බෙදුම්කරුගේ ඉල්ලුම මත 1974 වර්ෂයෙන් පසුව පෙට්‍රල් පහසුකම් ඉවත් කර තිබුණි.

     (ii)  දැනටමත් අවසර ලබා දී ඇත.

     (iii)  2012.01.06

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු සරණ ගුණවර්ධන මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks