04

E   |     |  

 දිනය: 2012-07-04   පිළිතුර ලබා දී ඇත 

1822/2012: පවුල් සෞඛ්‍ය ‍සේවා මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම : මූල්‍ය ප්‍රතිපාදන

1822/’11

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      විශාල ජන සංඛ්‍යාවක් සේවය ලබන හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මුල්ගිරිගල, වලස්මුල්ල, යහල්මුල්ල පවුල් සෞඛ්‍ය ‍සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මේ වනවිට කඩා වැටී‍මේ අවදානමකට ලක්වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, මෙම ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරන්නේද;

(ii) ඒ සඳහා මේ වනවිට ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(iii) එම  මුදල කොපමණද;

 (iv) එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)

(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)

ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)       වලස්මුල්ල, යහල්මුල්ල පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල කඩා ඉවත් කර නව ගොඩනැඟිල්ලක් ඉදි කර සායන කටයුතු පවත්වා ගෙන යනු ලබයි.

(ආ)     (i), (ii), (iii) සහ (iv)  - ඔව්.

           2011 වසරේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල මඟින් රුපියල් ලක්ෂ 25ක වියදමින් -2011.07.31 දින මුල් ගල තබා- නව ගොඩනැඟිල්ලක් ඉදි කර 2012.04.23 දින විවෘත කරන ලදී.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks