01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

2044/2022: ගලබොඩ සහ මවුන්ට් ජීන් වතු: කිරි ගොවිපළ පිහිටුවීම

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ජනතා වතු සංවර්ධන මණ්ඩලය මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවති අතර අංක 2281/41 දරන 2022.05.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම අමාත්‍යාංශය යටතට පවරා ඇත.

                          ඒ අනුව, මහා පරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා දීර්ඝ කාලීන බදු ක්‍රමයට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් ලබා දීම යන මැයෙන් කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 2021.08.19 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක අමප/21/1571/323/051 දරන 2021.09.06 දිනැති තීරණය ලැබී ඇත.

(ii) ගලබොඩ වත්ත -අක්කර 704 රූඩ්1 පර්චස් 11.33 (හෙක්ටයාර 285.0285)

මවුන්ට් ජීන් වත්ත - අක්කර 106 රූඩ් 2 පර්චස් 28.67 (හෙක්ටයාර 43.1720)

(iii) සමාගමේ නම - හෙයාර් පාර්ක් ඩෙයරිස් පුද්ගලික සමාගම

අධ්‍යක්ෂවරුන්ගේ නම් - මොහමඩ් ඉමිටියාස්, මොහමඩ් ෂාෆීක් සමාඩ්

ජාතිකත්වය - ශ්‍රී ලාංකික (මෙය තහවුරු කර ගත්තේ ජා.හැ. අංක 195423603215 සහ 630242487V දරන හැඳුනුම්පත් පරීක්ෂා කිරීම මඟිනි.)

(iv) රජයේ තක්සේරුව මත පහත ඉඩම් සඳහා වන බදු මුදල තීරණය කර ඇත.

ගලබොඩ වත්ත

අත්තිකාරම් මුදල - රු.19,840,000

අක්කරයක වාර්ෂික බදු මුදල - රු. 4,546

මවුන්ට් ජීන් වත්ත

අත්තිකාරම් මුදල - රු.3,565,000

අක්කරයක වාර්ෂික බදු මුදල - රු. 5,393

(මෙහිදී අක්කරයක වාර්ෂික බදු මුදලේ අගය වසර පහකට වරක් සියයට 20කින් වැඩි වන ආකාරයට ගිවිසුම් සකස් කර ඇත.)

(ආ) (i) රජයේ ගොවිපළවල් ජාතික පශු සම්පත් මණ්ඩලය මඟින් පාලනය වන අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විෂය පථය යටතේ එම ආයතනය පවතී. ඒ අනුව, එම කරුණට අදාළව කෘෂිකර්ම අමත්‍යතුමා වෙතින් කරුණු විමසීම වඩා සුදුසු වේ.

(ii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2021.01.07 වන දින ඉදිරිපත් කරනු ලැබූ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාවක් මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් නිදහස් කිරීමට තීරණය ගෙන තිබූ අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලද අංක 21/1571/323/051 දරන 2021 සැප්තැම්බර් 06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය සඳහා ගලබඩ සහ මවුන්ට් ජීන් වතු යායන්වලින් අක්කර 811ක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

(iii) අදාළ ශක්‍යතා වාර්තාව එම භූමියේ සිදු කිරීමට නියමිත ව්‍යාපෘතියට අනුකූලව ව්‍යවසායකයා විසින් ලබා ගත යුතුව ඇත. එම ආයතනය මේ වන විට මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ.

 

   (ඇ) අදාළ නොවේ.

 

 

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks