පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-23
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක් නොව තෝරාගත් ප්‍රාදේශීය වැවිලි සමාගම් 23ක් වෙත, මෙම වතු බදු දී ඇත.
(iii) 1992 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි 1995/1996 වර්ෂවලදී අත්සන් කරන ලද බදු ගිවිසුම්වල 4 (a) වගන්තිය ප්‍රකාරව බදු දීමනාකරු ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් බදුකරු ලෙස ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත උප බදු ලබාදීම සඳහා ප්‍රතිපාදන සපයා ඇත. ඒ අනුව තෙවන පාර්ශ්වයකට උප බදු දීමේ හැකියාව පවතී.
එසේම, 2009 වර්ෂයේ දී මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් උප බදු දීම් සම්බන්ධයෙන් ලබා ගත් අමාත්‍ය මණ්ඩල තීරණ අනුමැතිය ලත් මාර්ගෝපදේශයට අනුව උප බදු දීම් සඳහා මෙම වතුවල ස්වර්ණමය කොටස් හිමිකරු වන මහා භාණ්ඩාගාර ලේකම්ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව වැවිලි සමාගම්වලට මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැක.
(ආ) (i) 1. අගලවත්ත වැවිලි සමාගම
2. ආගරපතන වැවිලි සමාගම
3. බලංගොඩ වැවිලි සමාගම
4. බෝගවන්තලාව වැවිලි සමාගම
5. ඇල්පිටිය වැවිලි සමාගම
6. හපුගස්තැන්න වැවිලි සමාගම
7. හොරණ වැවිලි සමාගම
8. කහවත්ත වැවිලි සමාගම
9. කෑගල්ල වැවිලි සමාගම
10. කැලණිවැලි වැවිලි සමාගම
11. කොටගල වැවිලි සමාගම
12. මඩුල්සිම වැවිලි සමාගම
13. මල්වත්ත වැවිලි සමාගම
14. මස්කෙලිය වැවිලි සමාගම
15. මතුරට වැවිලි සමාගම
16. නමුණුකුල වැවිලි සමාගම
17. පුස්සැල්ලාව වැවිලි සමාගම
18. තලවකැලේ වැවිලි සමාගම
19. උඩපුස්සැල්ලාව වැවිලි සමාගම
20. වටවල වැවිලි සමාගම
21. ඇල්කඩුව වැවිලි සමාගම
22. කුරුණෑගල වැවිලි සමාගම
23. හලාවත වැවිලි සමාගම
(ii) 1992 වර්ෂයේ පැවති ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් වර්තමානයේදී ද එලෙසම එම වතු පාලනය කරනු ලබන අතර, වටවල වැවිලි සමාගම යටතේ පැවති වතු 23න් වතු 17ක් අලුතින් බිහි වූ 24 වන පෞද්ගලික වැවිලි සමාගම වන හැටන් වැවිලි සමාගම වෙත කළමනාකරණය හුවමාරු වී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks