බලන්න

02

E   |     |  

 දිනය: 2012-02-08   පිළිතුර ලබා දී ඇත 

1803/2012: Roads - Circular Road - Gamunupura

1803/’11

 

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      තණමල්විල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉඳිකොලපැලැස්ස ග්‍රාම නිලධාරී වසමේ, ගැමුණුපුර වටරවුම් පාර “ගැමුණු ගොවි සංවිධානය” මගින් පිළිසකර කරන ලද බවත්;

         (ii) ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සමග එම ගොවි සංවිධානය අත්සන් කරන ලද ගිවිසුමට අනුව අංක 419 දරන ගෙවීම් වවුචරයෙන් ඉටු කරන ලද වැඩ සඳහා රු. 801,089. 99ක් ලබා ගෙන ඇති බවත්;

        (iii) ඉහත මාර්ගයේම මීටර් 665ක් ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ ගිවිසුම්ගත වැඩ සඳහාම “ගැමුණු ගොවි සංවිධානය” විසින් තණමල්විල ප්‍රාදේශීය සභාවෙන් රු. 588,858.25 ක් ලබාගෙන ඇති බවත්;

        (iv) විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයට අනුව එකම කාර්යයක් වෙනුවෙන් ආයතන දෙකකින් “ගැමුණු ගොවි සංවිධානය” නමින් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බව සනාථ වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත වංචනික ක්‍රියාවට වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-02-08

අසන ලද්දේ

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks