පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1756/’11
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හමුදාමය නොවන කටයුතු පවරා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් විසින් ඉටු කළ යුතු හමුදාමය නොවන කටයුතුවල ස්වභාවය කවරේද;
(iii) ඔවුන්ට හමුදාමය නොවන කටයුතු ඉටුකිරීම වෙනුවෙන් අමතර ගෙවීමක් කරනු ලැබේද;
(iv) එසේ නම්, ඉහත (iii) හි සඳහන් පරිදි ගෙවනු ලබන මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ත්‍රිවිධ හමුදාවල සාමාජිකයින් කිසිවෙකු ඔවුන්ට පවරනු ලබන හමුදාමය නොවන කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉල්ලා අස්වී තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-07-04
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) 4,595කි.
(ii) ජාතිය ගොඩ නැඟීමේ හා රටෙහි සංවර්ධනයට අදාළ පහත සඳහන් කටයුතු.
1. අනුරාධපුරය කෞතුකාගාරය අලුත්වැඩියා කිරීමේ සේවාව.
2. දිස්ත්‍රික් රෝහල කිලිනොච්‍චියෙහි හෙද නේවාසිකාගාරය ඉදි කිරීම.
3. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම.
4. ගෝල්ඩ් සෙන්ටර් වෙළඳ සංකීර්ණය ඉදි කිරීම.
5. බූස්ස බන්ධනාගාර තාප්පය ඉදි කිරීම.
6. තුරඟ තරග පිටිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය - කොළඹ.
7. ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය - කොළඹ.
8. කොළඹ විශ්වවිද්‍යාලය ගණිත අංශ දෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම.
9. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය - දියගම.
10. මහියංගන පොදු ක්‍රීඩාංගණය ඉදි කිරීම.
11. හක්මන මෙතෝදිස්ත ක්‍රීඩාංගණය ඉදි කිරීම.
12. මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය - සූරියවැව.
13. පැරණි ඕලන්ද රෝහල නවීකරණය කිරීම (UDA) - ගාල්ල.
14. නව වෙළඳ සංකීර්ණය (UDA) - වීරකැටිය.
15. ජය ශ්‍රී මහා බෝධිය අසල මහා විහාරයේ නඩත්තු කටයුතු.
16. සඳහිරු සෑය චෛත්‍ය ඉදි කිරීමේ ව්‍යාපෘතිය.
17. ඇළ මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති.
(iii) නාවික හමුදාව - විශේෂ ක්‍රමය යටතේ බඳවා ගන්නා ලද පෙදරේරුවන් සඳහාද.
යුද හමුදාව - ගෝල්ඩ් සෙන්ටර් වෙළඳ සංකීර්ණය ඉදිකිරීම, තුරඟ තරග පිටිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය (කොළඹ), ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය (කොළඹ) යන ව්‍යාපෘති සඳහා පමණක් ගෙවීම් කරනු ලැබේ.
(iv) නාවික හමුදාවේ විශේෂ ක්‍රමය යටතේ බඳවා ගන්නා ලද පෙදරේරුවන්ගේ ගමන් වියදම් සඳහා වැටුපට අමතරව දිනකට රුපියල් 80 බැගින්ද, යුද හමුදාවේ ඉහත (iii)හි ව්‍යාපෘතීන්හි කටයුතු කරනු ලබන එක් අයෙකුට වැටුපට අමතරව දිනකට රුපියල් 100 බැගින්ද ගෙවීම් කරනු ලැබේ.
(ආ) කිසිදු නාවික හමුදා, යුද හමුදා හෝ ගුවන් හමුදා සාමාජිකයෙකු ඉල්ලා අස්වී නොමැත.
(ඇ) ජාතික සංවර්ධනය සඳහා ස්වකැමැත්තෙන් රාජකාරි කිරීමට කැමති බැවිනි.
පිළිතුරු දුන් දිනය
2013-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks