05

සි   |     |  

 Date: 2012-07-04   Answered 

1756/2012: NON-MILITARY WORK ASSIGNED TO ARMED FORCES : PAYMENTS

1756/’11

 

Hon. Ravi Karunanayake,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs,—

(a) Will he state—

(i) the number of persons in the three Armed Forces who have been assigned non military activities;

(ii) the nature of non military works they are supposed to do;

(iii) whether they are paid additionally, for performing non military works; and

(iv) if so, the amount paid as per (iii) above?

(b) Will he state whether any person in the three Armed Forces has resigned due to the inability in performing the non military work entrusted to them?

(c) If not, why?

 

Asked Date

2012-07-04

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Prime Minister

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)       4,595කි.

              (ii)       ජාතිය ගොඩ නැඟීමේ හා රටෙහි සංවර්ධනයට අදාළ පහත සඳහන් කටයුතු.

                        1. අනුරාධපුරය කෞතුකාගාරය අලුත්වැඩියා කිරීමේ සේවාව.

                        2. දිස්ත්‍රික් රෝහල කිලිනොච්‍චියෙහි හෙද නේවාසිකාගාරය ඉදි කිරීම.

                        3. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම.

                        4. ගෝල්ඩ් සෙන්ටර් වෙළඳ සංකීර්ණය ඉදි කිරීම.

                        5. බූස්ස බන්ධනාගාර තාප්පය ඉදි කිරීම.

                        6. තුරඟ තරග පිටිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය - කොළඹ.

                        7. ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය - කොළඹ.

                        8.  කොළඹ විශ්වවිද්‍යාලය ගණිත අංශ දෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම.

                         9.  මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය - දියගම.

                         10. මහියංගන පොදු ක්‍රීඩාංගණය ඉදි කිරීම.

                         11. හක්මන මෙතෝදිස්ත ක්‍රීඩාංගණය ඉදි කිරීම.

                         12. මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය - සූරියවැව.

                         13. පැරණි ඕලන්ද රෝහල නවීකරණය කිරීම (UDA) - ගාල්ල.

                         14. නව ‍වෙළඳ සංකීර්ණය (UDA) - වීරකැටිය.

                         15. ජය ශ්‍රී මහා බෝධිය අසල මහා විහාරයේ නඩත්තු කටයුතු.

                          16. සඳහිරු සෑය චෛත්‍ය ඉදි කිරීමේ ව්‍යාපෘතිය.

                          17. ඇළ මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති.

(iii) නාවික හමුදාව - විශේෂ ක්‍රමය යටතේ බඳවා ගන්නා ලද පෙදරේරුවන් සඳහාද.

යුද හමුදාව - ගෝල්ඩ් සෙන්ටර් වෙළඳ සංකීර්ණය ඉදිකිරීම, තුරඟ තරග පිටිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය (කොළඹ), ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය (කොළඹ) යන ව්‍යාපෘති සඳහා පමණක් ගෙවීම් කරනු ලැබේ.

(iv) නාවික හමුදාවේ විශේෂ ක්‍රමය යටතේ බඳවා ගන්නා ලද පෙදරේරුවන්ගේ ‍ගමන් වියදම් සඳහා වැටුපට අමතරව දිනකට රුපියල් 80 බැගින්ද, යුද හමුදාවේ ඉහත (iii)හි ව්‍යාපෘතීන්හි කටයුතු කරනු ලබන එක් අයෙකුට වැටුපට අමතරව දිනකට රුපියල් 100 බැගින්ද ගෙවීම් කරනු ලැබේ.

(ආ) කිසිදු නාවික හමුදා, යුද හමුදා හෝ ගුවන් හමුදා සාමාජිකයෙකු ඉල්ලා අස්වී නොමැත.

(ඇ) ජාතික සංවර්ධනය සඳහා ස්වකැමැත්තෙන් රාජකාරි කිරීමට කැමති බැවිනි.

 

Answered Date

2013-02-07

Answered by

Hon. Dinesh Gunawardena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks