බලන්න

02

E   |     |  

 දිනය: 2012-05-25   පිළිතුර ලබා දී ඇත 

1748/2012: චීනය හා සම්බන්ධ ව්‍යාපෘති : විස්තර

1748/’11

 

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2005 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය චීනය හා සම්බන්ධ වී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(ii) එම ව්‍යාපෘතිවල නම් කවරේද;

         (iii) එක් එක් ව්‍යාපෘතියේ සමස්ත වටිනාකමට සාපේක්‍ෂව චීන ආධාර ප්‍රමාණය ‍කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 

(ආ) (i) එක් එක් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ චීන සමාගම විසින් මෙහි සේවයේ යෙදවීමට ඉල්ලා තිබූ චීන ජාතික ශ්‍රමිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) චීන ජාතික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට අදාළව චීන සමාගම් විසින් කරන ලද ඉල්ලීම්වලට එකඟත්වය ලබා දෙනු ලැබුවේද;

(iii) එසේ නම්, එම ඉල්ලීම්වලට එකඟත්වය ලබාදීම සාධාරණීකරණය කරන ආකාරය සහ ‍එසේ එකඟත්වය ලබා දීමට තදින් බලපෑ ‍හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-05-25

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம -  சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)

(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International  Monetary Co-operation and Deputy Minister of Finance and Planning)      

ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      2005 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය,  චීනය හා සම්බන්ධ වී  ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 42 (හතළිස් දෙක)කි.

(ii) එම ව්‍යාපෘතිවල නම්  ඇමුණුමෙහි 2වැනි තීරුවෙහි දැක්වේ. එම ව්‍යාපෘති 42ම එහි දැක්වෙනවා. ඇමුණුම සභාගත* කරමි.

(iii) එක් එක් ව්‍යාපෘතියේ සමස්ත වටිනාකමට සාපේක්ෂව චීන ආධාර ප්‍රමාණය ‍ඇමුණුමෙහි 8වැනි  තීරුවේ දක්වා ඇත.

(ආ) (i) අ(i) හි සඳහන් ව්‍යාපෘති 42න් චීන ජාතික ශ්‍රමිකයන්ගේ සහාය ලබාගෙන ඇත්තේ ව්‍යාපෘති 14ක් සඳහා පමණි. එම සංඛ්‍යාවන් ඇමුණුමේ 11වන තීරුවේ දක්වා ඇත. තවද, එසේ චීන ජාතිකයන් වැඩි වශයෙන් සේවයේ යොදවා ඇති ව්‍යාපෘති ඇමුණුමෙහි 11වන තීරුවෙහි දක්වා ඇති පරිදි උප ව්‍යාපෘති ගණනාවකින් යුක්ත වේ.

  (ii)  මෙම සියලුම සේවකයින් තාක්ෂණික සේවාවන් සඳහා එනම්,

  • භූ විද්‍යා සමීක්ෂණ විශේෂඥයින්
  • මාර්ග තල සැලසුම් විශේෂඥයින්
  • පුහුණු යකඩ ආශ්‍රිත මෙවලම් එකලස් කරන්නවුන් හා පෑස්සුම්කරුවන්
  • ස්වයංක්‍රීය යාන්ත්‍රීකරණ විශේෂඥයින්
  • යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රික තාක්ෂණඥයින්
  • ව්‍යාපෘති කළමනාකරුවන් හා සුපරීක්ෂකයින්

  (iii)  ඉහත (ආ) (ii) පිළිතුර අදාළ වේ.

(ඇ) පැන නොනඟී.

 

* සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

 

පිළිතුරු දුන් දිනය

2013-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks