01

E   |     |  

 දිනය: 2012-05-23   පිළිතුර ලබා දී ඇත 

1743/2012: නිෂ්පාදනය සහ ආනයනය කළ ටින් මාළු: බදු

1743/’11

 

ගරු රවී කරුණානායක මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2010 ජූලි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ, එක් එක් වර්ෂයේදී, එක් එක් මාසයේදී,

              (i)       සමස්ත ටින් මාළු පරිභෝජනය සහ ඒක පුද්ගල ටින් මාළු පරිභෝජනය කොපමණද;

             (ii)       සමස්ත දේශීය ටින් මාළු නිෂ්පාදනය සහ ඒක පුද්ගල ටින් මාළු නිෂ්පාදනය   කොපමණද;

(iii) ආනයනය කළ ටින් මාළු ප්‍රමාණය කොපමණද;

(iv) ආනයනය කළ ටින් මාළු ප්‍රමාණයේ වටිනාකම කොපමණද; සහ

(v) සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරමින් ටින් මාළු සඳහා රජය විසින් ලබා දී ඇති තථ්‍ය සහනාධාර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  ටින් මාළු ආනයනය සඳහා පනවා ඇති සියලුම බදු (සෘජු සහ වක්‍ර) කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-05-23

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து)

(The Hon. Johnston Fernando)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)          (i)      ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,

                         2009/2010 වර්ෂයේ සමස්ත ටින් මාළු පරිභෝජනය කිලෝග්‍රෑම් 1,36,03,449

                         2009/2010 වර්ෂයේ ඒක පුද්ගල ටින් මාළු පරිභෝජනය කිලෝග්‍රෑම් 0.055

(ii) 2012 අප්‍රේල් සිට දේශීය නිෂ්පාදනය ආරම්භ කර ඇත. මාස 8ක් තුළදී මාළු කිලෝග්‍රෑම් මිලියන 1.67ක් ටින් කර ඇත. සාමාන්‍යයෙන් ටින් මිලියන 3.6ක් පමණ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති තොරතුරු අනුව,

සමස්ත දේශීය ටින් මාළු නිෂ්පාදනය

(ටින් මාළු නිෂ්පාදනය කර්මාන්තශාලා 2012 අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලදී.)

මාසය                     ප්‍රමාණය

අප්‍රේල් - 1,68,000

මැයි - 2,40,000

ජුනි - 2,64,000

ජූලි - 4,08,000

අගෝස්තු - 6,48,000

සැප්තැම්බර් - 6,48,000

ඔක්තෝබර් - 6,96,000

නොවැම්බර් - 8,64,000

(iii) 2010 වර්ෂයේ ජූලි මස සිට ටින් මාළු ටොන් 8,540ක්, 2011 වර්ෂයේදී ටින් මාළු ටොන් 20,646ක් සහ 2012 වර්ෂයේදී ටින් මාළු ටොන් 18,183ක් ආනයනය කර ඇත. 2010 ජූලි සිට සමස්ත ආනයනය, ටින් මාළු ටොන් 47,370යි.

(iv) සමස්ත ආනයන වටිනාකම රුපියල් මිලියන 12,869කි.

(අ) (iii) සහ (iv)ට අදාළ සවිස්තර පිළිතුරු ඇමුණුමෙහි  දක්වා ඇත. එකී ඇමුණුම සභාගත* කරමි.

(v) ටින් මාළු සඳහා සහනාධාර ලබා දී නොමැත.

(ආ) වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,

ටින් මාළු ආනයනය සඳහා පනවා ඇති සියලුම බදු

2010 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 85යි.

2011 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 85යි.

2012 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 85යි.  

(2012.07.14 සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 50යි.

2012.11.09 සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 100යි.)

ටින් මාළු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන පරිදි පවත්වා ගෙන යනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks