පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1742/’11
ගරු රවී කරුණානායක මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010 ජූලි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ, එක් එක් වර්ෂයේදී හා එක් එක් මාසයේදී,
(i) මුළු සහල් පරිභෝජනය සහ ඒක පුද්ගල සහල් පරිභෝජනය කොපමණද;
(ii) සමස්ත දේශීය සහල් නිෂ්පාදනය සහ ඒක පුද්ගල සහල් නිෂ්පාදනය යල සහ මහ කන්නවලදී, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ආනයනය කළ සහල් ප්‍රමාණය කොපමණද;
(iv) ආනයනය කළ සහල් ප්‍රමාණයේ වටිනාකම කොපමණද; සහ
(v) සනාථ කිරීමට අවශ්‍ය සාක්‍ෂි ඉදිරිපත් කරමින් සහල් ආනයනකරුවන්ට සහ වී වගාකරුවන්ට රජය විසින් ලබා දී ඇති සැබෑ සහනාධාර ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2010 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාව තුළ සහල් කිලෝවක නිෂ්පාදන වියදම කොපමණද;
(ii) වී වගාවේ නියුතු පවුල් සංඛ්‍යාව කොපමණද; සහ
(iii) ආනයනය කළ සහ දේශීයව නිෂ්පාදිත සහල් කිලෝවක් සඳහා පනවා ඇති සියලුම බදු (සෘජු සහ වක්‍ර) කවරේද;
යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-23
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)
(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,
* 2009 ජූලි සිට 2010 ජුනි දක්වා සමස්ත සහල් පරිභෝජනය
කිලෝ ග්‍රෑම් 2.221,580.368
* 2009 ජූලි සිට 2010 ජුනි දක්වා සාමාන්‍ය මාසික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 9.008
(ii) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,
යල, මහ කන්නවලදී සමස්ත දේශීය සහල්
නිෂ්පාදනය සහ ඒක පුද්ගල සහල් නිෂ්පාදනය
|
|
2010 |
|
2011 |
|
2012 |
|
|
|
යල |
මහ |
යල |
මහ |
යල |
මහ |
|
සමස්ත දේශීය සහල් නිෂ්පාදනය මෙ.ටො. |
1,308,398 |
1,634,992 |
1,165,589 |
1,224,875 |
731,817 |
1,684,870 |
|
සමස්ත දේශීය සහල් නිෂ්පාදනය මෙ.ටො. |
129 |
|
115 |
|
119 |
|
(iii) සහ (iv) සඳහා පිළිතුර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(v) සහල් සඳහා සහනාධාර ලබා දී නොමැත.
(ආ) (i) හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි කාර්මික පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ලබා දී ඇති තොරතුරු අනුව, නිෂ්පාදන වියදම පහත දැක්වේ.
2010 සහ 2011 වර්ෂවලදී නාඩු සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා වියදම
|
|
2010 (රුපියල්) |
2011 (රුපියල්) |
|
වී කිලෝග්‍රෑම් එකක නිෂ්පාදන වියදම |
15.35 |
19.60 |
|
වී කිලෝග්‍රෑම් එකක සහතික මිල |
28.00 |
28.00 |
|
සහල් කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය වී ප්‍රමාණය සඳහා වියදම (කි.ග්‍රෑ.1.60) |
44.80 |
44.80 |
|
සහල් කිලෝග්‍රෑම් එකක සැකසීමේ වියදම |
5.85 |
6.36 |
|
සහල් කිලෝග්‍රෑම් එකක මුළු වියදම |
50.65 |
51.16 |
(ii) 2002 පැවති කෘෂිකර්ම සංගණනයට අනුව වී වගාවේ නියුතු ගොවිකාරකයින් සංඛ්‍යාව 897,076යි.
(iii) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වෙළෙඳ, තීරු බදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව, බදු පිළිබඳ විස්තර පහත දැක්වේ.
2010 සහ 2011 වර්ෂවල සහල් ආනයනයේදී පනවා තිබූ බද
|
බදු වර්ගය |
2010 |
2011 |
|
ආනයන තීරු බදු (CID) |
කිලෝග්‍රෑමයට රුපියල් 20/- |
කිලෝග්‍රෑමයට රුපියල් 20/- |
|
වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL) |
3% |
5% |
|
සමාජ ආරක්ෂණ බදු (SRL) |
1.5% |
- |
|
ජාතිය ගොඩ නැඟීමේ බදු (NBT) |
- |
2% |
(ඇ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks