04

E   |     |  

 දිනය: 2012-02-08   පිළිතුර ලබා දී ඇත 

1714/2012: Retirement Proposal - SL Port Authority

1714/’11

 

ගරු තිස්ස අත්තනායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක් වරාය අධිකාරියේ චක්‍රලේඛ අංක 03/2011 යටතේ නිකුත්කර ඇති බවත්;

             (ii)      එම චක්‍රලේඛය අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්ෂ දහයක අවම සේවා කාලයක් සපුරා ඇති ඉදිරියට වර්ෂ පහක් සේවය කිරීමට ඇති සේවකයින්ට රුපියල් ලක්ෂ විස්සක උපරිමයට යටත්ව අදාළ වන්දි මුදල් ලබාගත හැකි බවත්; 

 එතුමා දන්නෙහිද?

 (ආ) ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් කොළඹ වරාය පුළුල් කිරීම, හම්බන්තොට නව වරාය ඉදි කිරීම සහ සෙසු වරායවල් වැඩි දියුණු කිරීමේ කටයුතු සිදු කරමින්  සිටියදී වරාය සේවකයින් විශ්‍රාම ගැන්වීමට පියවර ගනු ලබන පදනම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) පසුගිය කාලසීමාව තුළ දේශපාලන බලපෑම් මත සිදු කළ  අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම හේතුවෙන් වරාය අධිකාරියේ සේවක අතිරික්තයක් ඇති බව එතුමා පිළිගන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2012-02-08

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks