පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1710/’11
ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) ශ්‍රී ලාංකික පවුලක ඉපයීම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පවුල් සංඛ්‍යාව දිස්ත්‍රික්ක පදනමින් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව තීරණය කරන සාධකය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-08
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) "පවුල" යන සංකල්පය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංගණන ක්‍රියාකාරකම් සඳහා භාවිතා නොකරන නමුත් "ගෘහ ඒකක" යන සංකල්පය භාවිතා කරනු ලැබේ.
එබැවින් පවුල් ගණන පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු වෙනුවට ගෘහ ඒකක සංඛ්‍යාව ඉදිරිපත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සිටින ගෘහ ඒකක සංඛ්‍යාව 5,079,362ක් වේ.
(ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2009/10 - මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක හැර)
(ii) ශ්‍රී ලංකාවේ ගෘහ ඒකකයක ඉපයීම් ප්‍රමාණය රුපියල් 36,451ක් වේ.
(ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2009/10 - මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක හැර)
(ආ) වගුවේ දක්වා ඇත. සභාගත* කරමි.
(ඇ) 1. ආහාර දරිද්‍රතා රේඛාව : දිනකට එක පුද්ගලයකු සඳහා කිලෝ කැලරි 2030ක ශක්තියක් ලබා ගැනීමට ආහාර සඳහා වැය වන මාසික වියදම, සාමාන්‍ය කැලරි වියදමේ අනුපාතයක් ලෙස ගැනීමෙන්.
2. ආහාර නොවන දරිද්‍රතා රේඛාව : ඉහත ගණනය කරන ලද ආහාර දරිද්‍රතා රේඛාවට ආසන්නව වියදම් කරනු ලබන පුද්ගලයකුගේ ආහාර නොවන ද්‍රව්‍ය සඳහා වැය වන මාසික වියදම.
3. නිල දරිද්‍රතා රේඛාව = ආහාර දරිද්‍රතා රේඛාව + ආහාර නොවන දරිද්‍රතා රේඛාව
4. ආසන්න ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණයකදී ගණනය කරනු ලබන District Spatial Price Index : මෙම දර්ශකය, දරිද්‍රතා රේඛාව දිස්ත්‍රික්ක මට්ටමින් ඇස්තමේන්තු කිරීම සඳහා යොදා ගනී.
5. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය : මෙම දර්ශකය, පාද වර්ෂයේ සිට දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කිරීම සඳහා යොදා ගනී.
(ඈ) පැන නොනඟී.
* සභාමේසය මත තබන ලද වගුව:
* சபாபீடத்தில் வைக்கப்பட்ட அட்டவணை:
* Chart tabled:
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks