02

සි   |     |  

 Date: 2012-05-08   Answered 

1710/2012: FAMILIES IN SRI LANKA: EARNING CAPACITY

1710/’11

 

Hon. Ravi Karunanayake,— To ask the Minister of Finance and Planning,—

(a) Will he state —

(i) the number of families in  Sri Lanka; and

(ii) the earning capacity of a  Sri Lankan  family?

(b) Will he also state on per district basis the number of families exist  below the poverty line ?

(c) Will he inform this House the determining factor in arriving at the  poverty line in Sri Lanka?

(d) If not, why?

Asked Date

2012-05-08

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Finance and Planning

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம)

(The Hon. (Dr.) Sarath Amunugama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ) (i) "පවුල" යන සංකල්පය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංගණන ක්‍රියාකාරකම් සඳහා භාවිතා නොකරන නමුත් "ගෘහ ඒකක" යන සංකල්පය භාවිතා කරනු ලැබේ.

එබැවින් පවුල් ගණන පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු වෙනුවට ගෘහ ඒකක සංඛ්‍යාව ඉදිරිපත් කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ සිටින ගෘහ ඒකක සංඛ්‍යාව 5,079,362ක් වේ.

(ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2009/10 - මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක හැර)  

   (ii)       ශ්‍රී ලංකාවේ ගෘහ ඒකකයක ඉපයීම් ප්‍රමාණය රුපියල් 36,451ක් වේ.

    (ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය  2009/10 - මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක හැර)

(ආ) වගුවේ දක්වා ඇත. සභාගත* කරමි.

(ඇ) 1. ආහාර දරිද්‍රතා රේඛාව : දිනකට එක පුද්ගලයකු සඳහා කිලෝ කැලරි 2030ක ශක්තියක් ලබා ගැනීමට ආහාර සඳහා වැය වන මාසික වියදම, සාමාන්‍ය කැලරි වියද‍මේ අනුපාතයක් ලෙස ගැනීමෙන්.

2.  ආහාර නොවන දරිද්‍රතා රේඛාව : ඉහත ගණනය කරන ලද ආහාර දරිද්‍රතා රේඛාවට ආසන්නව වියදම් කරනු ලබන  පුද්ගලයකුගේ ආහාර නොවන ද්‍රව්‍ය  සඳහා වැය වන මාසික වියදම.

3.  නිල දරිද්‍රතා රේඛාව = ආහාර දරිද්‍රතා රේඛාව + ආහාර නොවන දරිද්‍රතා රේඛාව

4. ආසන්න ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණයකදී ගණනය කරනු ලබන District Spatial Price Index : මෙම ද‍ර්ශකය, දරිද්‍රතා රේඛාව දිස්ත්‍රික්ක මට්ටමින් ඇස්තමේන්තු කිරීම සඳහා යොදා ගනී.

5.  කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය : මෙම දර්ශකය, පාද වර්ෂයේ සිට දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කි‍රීම සඳහා යොදා ගනී.

(ඈ) පැන නොනඟී.

 

*  සභාමේසය මත තබන ලද වගුව:

* சபாபீடத்தில் வைக்கப்பட்ட  அட்டவணை:

* Chart  tabled:

 

Answered Date

2013-01-24

Answered by

Hon. (Dr.) Sarath Amunugama, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks