පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1708/’11
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂවල නම් කවරේද;
(ii) ඉහත සඳහන් දේශපාලන පක්ෂවල නිලධාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ නම් කවරේද;
(iii) ලියාපදිංචි දේශපාලන පක්ෂවල ගිණුම් වාර්ෂික පදනමින් ලබාදී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ලියාපදිංචි කරන අවස්ථාවේදී තිබිය යුතු කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ලියාපදිංචිය අවලංගු කරන ලද දේශපාලන පක්ෂවල නම් කවරේද;
(ii) මැතිවරණ කොමිසමෙන් හෝ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉකුත් වර්ෂ තුනක කාලය තුළ, එක් එක් වර්ෂයේදී එම එක් එක් දේශපාලන පක්ෂය වෙත ලැබුණ මුදල් ප්‍රමාණය කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-08
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඇමුණුම් අංක (1) හි සඳහන්ව ඇත.
(ii) ඇමුණුම් අංක (2) හි සඳහන්ව ඇත.
(iii) ඔව්. ඇමුණුම් අංක (3) හි සඳහන්ව ඇත.
(ආ) (i) මෙම ප්‍රශ්නය එතරම් පැහැදිලි නොමැති නමුත්, පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2012.01.31 දින සිට පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගනු ලැබීමට ඇති හිමිකම අවසන් කරන ලද දේශපාලන පක්ෂ සංඛ්‍යාව 03කි. එම පක්ෂ 03 නම්,
1. ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ.
2. ජාතික සමඟි පෙරමුණ.
3. විමුක්ති කොටි ජනතා පෙරමුණ.
(ii) ඇමුණුම් අංක (4) හි සඳහන්ව ඇත.
ඇමුණුම් සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks