01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

0970/2022: මඩකලපුවේ බුලත් වගාව සහ පුදුකුඩිඉරුප්පු සහ කිරාන්කුලම්වල කජු වගාව: විකුණුම් මිල

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      බුලත් සඳහා වන දේශීය වෙළඳපොළ මිල ගණන් විවිධ සාධක හේතුවෙන් වරින්වර උච්චාවචනය වීම සිදුවුවද විකුණුම් මිලෙහි කැපී පෙනෙන පහත වැටීමක් නිරීක්ෂණය නොවේ.

(ආ)      අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඉහළ මිලක් සහිත කළු බුලත් නිෂ්පාදනය සඳහා වන පොහොර නිර්දේශයන් ගොවීන් වෙත ලබා දී ඇත.

           ගුණාත්මකභාවයෙන් ඉහළ බුලත් නිෂ්පාදනය සඳහා අවශ්‍යවන ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම්, රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ නිර්දේශ ලබාදීම සහ වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

බුලත් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පර්යේෂණාත්මකව හඳුන්වා දී ඇති අතර තවදුරටත් නව පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

   (ඇ) (i) ඔව්.

(ii) නැ‍ඟෙනහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා 2021 වර්ෂයේදී පුදුකුඩියිරුප්පු - කිරාන්කුලම් ග්‍රාමයට කජු සැකසීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 4ක ප්‍රතිපාදන වෙන් කර තිබූ අතර මුදල් අමාත්‍යාංශයේ අංක MF/NB/07/CM/2021/163 හා 2021.08.28 දිනැති ලිපිය මඟින් එම ප්‍රතිපාදනය අවලංගු කරන ලදී. එම නිසා පළාත් සභාව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවුණි.

    (ඈ) (i) මුන්මුනෙයි පත්තුව ආරයම්පති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සෞභාග්‍යා වැඩසටහන යටතේ පුදුකුඩියිරුප්පු-කිරාන්කුලම් ග්‍රාමයට මෙම අරමුණ සඳහා රුපියල් මිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම සහ ඒ යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා පළාත් සභා වෙත ප්‍රතිපාදන වෙන් කර නැත.

(ii) සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම අරමුණු සඳහා මුන්මුනෙයි පත්තුව ආරයම්පති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රතිපාදන ලබා දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බැවින් පළාත් සභා වෙත ප්‍රතිපාදන ලබා දීම අවශ්‍ය නොවේ.

    (ඉ) ව්‍යාපෘතිය දැනටමත් මුන්මුනෙයි පත්තුව ආරයම්පති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කර ඇත.

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks