01

E   |     |  

 දිනය: 2011-12-05   පිළිතුර ලබා දී ඇත 

1681/2011: Increasing Quality of Public Service

1681/’11

 

ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2006 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල සීමාව  තුළ රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;

            (ii)       එම ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය සේවකයින්ට හා ජනතාවට ලැබී ඇති සහනයන් කවරේද;

(iii) රජයේ සේවක සංඛ්‍යාව වැඩි කිරීම සඳහා පසුගිය වර්ෂ 5 තුළ ක්‍රියා කර ඇති ආකාරය කවරේද;

(iv) ඉදිරියේදී රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම සඳහා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද;

(v) ඒ මගින් රාජ්‍ය සේවකයන්ට ලැබෙන සහනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-05

අසන ලද්දේ

ගරු (පූජ්‍ය) ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි, පා.ම., හිමි, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks