පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1645/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි බෙලිඅත්ත පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දමා වර්ෂ ගණනාවක් ගත වී ඇති බවත්;
(ii) එම වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීමෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව තම ගොවි නිෂ්පාදන අලෙවි කර ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ දෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ දිනය කවරේද;
(ii) එහි ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට හේතු වූ කරුණු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) එම වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්නේද;
(ii) ඒ සඳහා ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-10
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)
(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)
ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඔව්.
(ii) දැනට බිම් මහල තුළ පොළ පවත්වා ගෙන යන අතර වෙළඳ සංකීර්ණයේ කටයුතු නිම කිරීමෙන් පසුව දැනට වඩා නිෂ්පාදන අළෙවි කිරීමට ඉඩ සැලසිය හැකිය.
(ආ) (i) 2007 නොවැම්බර් මස.
(ii) දකුණු පළාත් ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ ව්‍යාපෘතියකි. ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා දීමට අපහසු වීම නිසා.
(ඇ) (i) ඔව්.
(ii) 2013 වර්ෂය තුළ පළමු අදියර නිම කිරීමට සැලසුම් කර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks