01

E   |     |  

 දිනය: 2022-11-09   පිළිතුර ලබා දී ඇත 

0346/2022: ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමයේ සාමාජිකයන්: විස්තර

----

අසන ලද දිනය

2022-11-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි - CPSTL - ලියාපදිංචි වී ඇති පෞද්ගලික බවුසර් රථ හිමියන් සංඛ්‍යාව 565කි. නමුත්, ඒ අතරින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ විස්තර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව නොමැත.

(ii) ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ නම, ලිපිනය හා ඔවුන්ට අයත් බවුසර් රථ අංකය ආදිය ඇතුළත් විස්තර ඇමුණුම 01හි දක්වා ඇත.

නමුත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ‍බවුසර් රථ හිමියන්ගේ සංගමය, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යටතේ ලියාපදිංචි වී නොමැති බැවින්, එම සංගමයේ සාමාජිකයන්ගේ නම, ලිපිනය හා ඔවුන්ට අයත් බවුසර් රථ අංක පිළිබඳ තොරතුරු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව නොමැත.

මොකද,  පෞද්ගලික ‍බවුසර් රථ හිමියන්ගේ සංගමය කියන එක ඒ අය පෞද්ගලිකව හදා ගත්ත එකක්, ගරු මන්ත්‍රීතුමනි.

(ආ) (i) එවැනි දුෂ්කරතාවන්ට මුහුණ දීමක් වාර්තා වී නොමැත. ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් බලපාන විචල්‍ය සාධකයන්ගේ කාලීන වෙනස්වීම් මත පදනම්ව අවස්ථානුකූලව ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරනු ලබන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරනවා. එම තත්ත්වය සැලකිල්ලට භාජන කර මෑත කාලීනව, එනම් 2021.07.01 සිට 2022.08.02 දක්වා කාලය තුළ ප්‍රවාහන ගාස්තු සංශෝධනය කර ඇත. ඒ පිළිබඳ විස්තර ඇමුණුම 02හි දක්වා ඇත. 

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි. 

(ii) දැනටමත් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික බවුසර් රථ හිමියන් සඳහා ගෙවන ප්‍රවාහන ගාස්තු මාස දහතුනක් වැනි කාලයක් තුළ අවස්ථා දහයකදී ඉහළ නංවා ඇත.

තවද, 2021.07.01 දිනට සාපේක්ෂව අද වන විට ප්‍රවාහනය කරනු ලබන බවුසර්වල ධාරිතාව හා ප්‍රදේශ පදනම් කර ගනිමින් ගාස්තු ගෙවීමට කටයුතු කර ඇත. ඒ අනුව බවුසර් සඳහා ගෙවන ගාස්තු පහතරට ප්‍රදේශ සඳහා සියයට 135කින්ද, කඳුකර ප්‍රදේශ සඳහා සියයට 124කින්ද ඉහළ නංවා ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks