පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-19
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය:
|
වර්ෂය |
බිත්තර නිෂ්පාදනය (මිලියන) |
|
2010 |
1,384.80 |
|
2011 |
1,711.22 |
|
2012 |
2,278.72 |
|
2013 |
2,074.94 |
|
2014 |
2,232.02 |
|
2015 |
2,294.08 |
|
2016 |
2,304.06 |
|
2017 |
2,856.09 |
|
2018 |
2,852.86 |
|
2019 |
2,630.74 |
|
2020 |
2,435.96 |
|
2021 |
2,934.55 |
|
2022 (අගෝස්තු මාසය දක්වා |
1,621.11 |
(ii) වර්ෂ 2010 සිට මේ දක්වා අපනයනය කරන ලද බිත්තර ප්‍රමාණය:
|
වර්ෂය |
සංඛ්‍යාව (මිලියන) |
|
2010 |
0.77 |
|
2011 |
1.41 |
|
2012 |
2.15 |
|
2013 |
3.44 |
|
2014 |
4.93 |
|
2015 |
4.22 |
|
2016 |
4.09 |
|
2017 |
4.60 |
|
2018 |
5.63 |
|
2019 |
9.33 |
|
2020 |
2.58 |
|
2021 |
4.14 |
|
2022 (අගෝස්තු මාසය දක්වා) |
2.21 |
(iii) වර්ෂ 2010 සිට මේ දක්වා ආනයනය කරන ලද බිත්තර ප්‍රමාණය:
|
වර්ෂය |
බිත්තර (මිලියන) |
සැකසූ බිත්තර* (කහ මද, සුදු මද, දියර බිත්තර, බිත්තර කුඩු) මෙට්‍රික් ටොන් |
|
2010 |
0.10 |
21.00 |
|
2011 |
8.05 |
13.62 |
|
2012 |
0 |
84.62 |
|
2013 |
0 |
122.43 |
|
2014 |
0 |
116.41 |
|
2015 |
0 |
102.54 |
|
2016 |
0 |
63.41 |
|
2017 |
0 |
87.54 |
|
2018 |
0 |
31.16 |
|
2019 |
0 |
34.33 |
|
2020 |
0 |
32.70 |
|
2021 |
0 |
73.71 |
|
2022 (අගෝස්තු මාසය දක්වා) |
0 |
36.02 |
* බේකරි නිෂ්පාදන සහ රස කැවිලි නිෂ්පාදනය සඳහා
(iv) බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:
v කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කුකුළු ආහාර නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය වන අමුද්‍රව්‍ය හා කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය උපකරණ හා අමතර කොටස් ආනයනයේදී අවශ්‍ය බදු සහන ලබා දීමට නිර්දේශ ලබා දීම.
v වෙළඳ අමාත්‍යාංශය හා එක්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා කුකුළු ආහාර කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
v කුකුළු ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන සංඝටකයක් වන බඩඉරිඟු දේශීයව නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ඉඩම් රජයේ මැදිහත් වීමෙන් ආයෝජකයන් වෙත ලබා දීමට කටයුතු කිරීම.
v බඩඉරිඟු වගාකරුවන්ට යූරියා පොහොර ලබා දීමට කටයුතු කිරීම.
v තවද, කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා පළාත් මට්ටමින් බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමට "කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ සංවර්ධන ව්‍යාපෘතිය" ක්‍රියාත්මක වන අතර, එමඟින් ග්‍රාමීය මට්ටමින් බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමට කුකුළු පැටවුන් ලබා දීම හා පළාත් මට්ටමේ බීජ රක්කනාගාර - hatcheries - වැඩිදියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම.
v ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මාරවිල ගොවිපළෙහි ධාරිතා සංවර්ධනය මඟින් ක්ෂේත්‍රය වෙත වැඩි කුකුළු පැටවුන් ප්‍රමාණයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යාං ශය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පහත සඳහන් කටයුතුද සිදු කෙරේ.
01. බිත්තර සඳහා වන පාලන මිල ගැළපෙන මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා නිර්දේශ ලබා දීම.
02. බඩඉරිඟු මෙට්‍රික් ටොන් 225,000ක් සහ සහල් (කැඩුණු සහල්) මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
03. සත්ව ආහාර අමුද්‍රව්‍ය හා ආකලන - additives - ආනයනය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම හා පහසුකරණය.
04. සත්ව ආහාර අමුද්‍රව්‍ය විවෘත ගිණුම් - open accounts - ක්‍රමය යටතේ ගෙන්වීමට අවසර ලබා දීම.
05. සත්ව ආහාර අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ - essential commodities - ගණයට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
06. සුළු පරිමාණ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම.
07. මව් සතුන් ආනයන බලපත්‍ර නොපමාව ලබා දීම සහ ආනයන කටයුතු සඳහා පහසුකරණය සිදු කිරීම.
08. මෙම කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය වන උපකරණ හා අමතර කොටස් ආනයනය පහසුකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික නිර්දේශ ලබා දීම.
09. අභිජනන ගොවිපළවල සත්ව සෞඛ්‍යය - flock health - නියාමනය කිරීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-10-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks