01

E   |     |  

 දිනය: 2023-01-18   පිළිතුර ලබා දී ඇත 

0301/2023: ත්‍රිරෝද රථ රියැදුරන් මුහුණ දෙන ගැටලු: විසඳුම්

----

අසන ලද දිනය

2023-01-18

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)         2022.12.31 දින වන විට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ 11,84,356ක් ලියාපදිංචි කර ඇත.

               (ii)         සියලුම ත්‍රිරෝද රථ හිමියන් පළාත් ප්‍රවාහන අධිකාරිවල හෝ ජාතික ගමනාගමන කොමිසමේ ලියාපදිංචි වී නොමැති බැවින් නිශ්චිත සංඛ්‍යා ඉදිරිපත් කළ නොහැකි වුවත්, ත්‍රිරෝද රථ සංගම් පෙන්වා දෙන පරිදි මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 8ක් පමණ වේ.

                          අවශේෂ ප්‍රමාණය පෞද්ගලිකව පරිහරණය කරනු ලබන ත්‍රිරෝද රථ වේ.

(ආ) (i) එවැනි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති බව වාර්තා වී නොමැත.

      (ii) දැනට වාර්තා වී ඇති කරුණු අනුව ඉන්ධන අර්බුදය හේතුවෙන් ලක්ෂ 8ක පමණ වෘත්තීමය ත්‍රිරෝද රථ රියදුරන් පීඩාවට පත්ව ඇත.

      (iii) ඔව්. බස්නාහිර, දකුණ, නැ‍‍ඟෙනහිර, උතුරු මැද, මධ්‍යම හා ඌව යන පළාත් සභා විසින් එම පළාත්වල ත්‍රිරෝද රථ නියාමනයට කටයුතු කර ඇතත් උතුර, වයඹ, සබරගමුව යන පළාත් මෙතෙක් තම ප්‍රඥප්තීන්වලට ත්‍රිරෝද රථ නියාමනය ඇතුළත් කර නොමැත.

            ත්‍රිරෝද රථ නියාමනය ජාතික වශයෙන් වැදගත් වන කාර්යයක් වන බැවින් එයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම හා අවශ්‍ය නෛතික රාමුව සැකසීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කටයුතු කරන අතර, ඒ යටතේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම,  පිරිවිතර හා ගාස්තු නියම කිරීම සම්බන්ධ මාර්ගෝපදේශ සකස් කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත මඟින් සිදුකර එම මාර්ගෝපදේශ පළාත් අධිකාරි හරහා ක්‍රියාත්මක කරවීමට කටයුතු  කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-01-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks