04

E   |     |  

 දිනය: 2011-12-01   පිළිතුර ලබා දී ඇත 

1612/2011: Municipal Council - Jaffna

1612/’11

 

ගරු ඊ. සරවනපවන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      යාපනය මහනගර සභාවේ  නගරාධිපති, සභාවේ අනුමැතියකින් තොරව අත්‍තනෝමතික තීරණ ගනිමින්, යාපනය නගරයේ වගුරුබිමක සිව්මහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට අනුමැතිය ලබාදී ඇති බවත්;

(ii) යාපනයේ හිටපු පුරපති දිවංගත රවිරාජ් මහතා එම වගුරුබිමෙහි මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කළ යෝජනාවක් පස් පිළිබඳ සිදු කළ ශක්‍යතා වාර්තාවේ නිර්දේශ හේතුවෙන් ක්‍රියාත්මක නොකළ බවත්;

(iii) කිසිදු පස් පරීක්ෂාවකින් තොරව එම වගුරුබිමෙහි මේ වන විට සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකරනු ලබන බවත්;

(iv) එම ඉදිකිරීම  පසුකාලීනව ජීවිත හා දේපළ හානි සිදුවීමට හේතුවිය හැකි බවත්;

එතුමා දන්නෙහිද?        

(ආ) (i) ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීමටත් පෙර ඉදිකිරීම්කරු කඩ කාමර කිහිපයක් විකුණා ඇති බවත්;

         (ii) එහිදී  රු. 19,000,000කට විකුණනු ලැබූ කඩ කාමරවලට රු. 11,000,000කට පමණක් ඔප්පු ලියා අත්තිකාරම් වශයෙන් රු. 50,000 බැගින් ලබාගෙන ඇති බවත්;

(iii) එමගින් මහනගර සභාවට ආදායම අහිමිවීමක්  හා ආදායම් බදු වංචාවක්   සිදුව ඇති බවත්;

එතුමා දන්නෙහිද?       

(ඇ)  ඉහත තත්ත්වය වැළැක්වීමට මූලික පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා ‍සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-01

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks