01

E   |     |  

 දිනය: 2022-10-19   පිළිතුර ලබා දී ඇත 

0031/2022: ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකා තනතුර: අධ්‍යාපන සහ වෙනත් සුදුසුකම්

----

අසන ලද දිනය

2022-10-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය, නාවික හා ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2022 සැප්තැම්බර් 30 වන දිනට සේවක සංඛ්‍යාව 5,691කි.

              (ii)      ගුවන් තොටුපළ සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත ගුවන් තොටුපළ සේවා නියෝජිත (Pax) සහ ජ්‍යෙෂ්ඨ ගුවන් තොටුපළ සේවා නියෝජිත (Pax)

                        පිරිමි ගුවන් තොටුපළ සේවා නියෝජිතයන් සංඛ්‍යාව 134කි.

                        කාන්තා ගුවන් තොටුපළ සේවා නියෝජිතයන් සංඛ්‍යාව 221කි.

ඒ අනුව මුළු සේවා නියෝජිත සංඛ්‍යාව 355කි.

(iii) ගුවන් සත්කාර සේවා කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව පහත පරිදි වේ.

ශ්‍රේණිය/තනතුර

කාන්තා

පිරිමි

මුළු එකතුව

C1 - ගුවන් සත්කාර සේවක

36

16

52

C2 - ගුවන් සත්කාර සේවක

58

57

115

C3 - ජ්‍යෙෂ්ඨ ගුවන් සත්කාර සේවක

354

130

484

C4 - ප්‍රධාන ගුවන් සත්කාර සේවක (Purser)

170

67

237

C5 - ප්‍රධාන ගුවන් සත්කාර සේවක (Purser)

18

80

98

මුළු එකතුව

636

350

986

 

 

 

 

 

ඒ අනුව, පියාසර ගුවන් සේවිකාවන් සංඛ්‍යාව 636කි.

(ආ) (i) අධ්‍යාපන සුදුසුකම්

• අ.පො.ස සා/පෙළ විභාගයෙන් සාමාර්ථ 6ක් (එකවර) තිබීම සහ ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන (ක්‍රෙඩිට්) සාමාර්ථයක් ලබා තිබීම. (ඕනෑම වරකදී)

වෙනත් සුදුසකම්

• ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.

• වයස අවුරුදු 18ත් 27ත් අතර වීම.

• අවිවාහක වීම.

• ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට හැකි වීම.

• මනා පෙනුමකින් සහ පෞරුෂයකින් හෙබි වීම.

• අවම උස සෙන්ටිමීටර් 157.5  හෝ උපරිම ළඟාවිය හැකි උස 212 සෙන්ටිමීටර් (ඇඟිලි තුඩු මතින් සිටගත් විට)

(ශරීර - ස්කන්ධ දර්ශකය සලකා බලනු ඇත)

සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන් පහත සඳහන් කොන්දේසි සපුරාලීමට අවශ්‍ය වේ.

• IELTS 6 පරාසයේ ලකුණු ලබා ගැනීම.

• උපයන විට ගෙවන පදනම මත ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් පවත්වනු ලබන ගුවන් සත්කාර සේවා කාර්ය මණ්ඩල පුහුණුව සාර්ථකව සම්පූර්ණ කිරීම.

සේවා සත්කාරක අංශයේ පළපුරුද්ද ඇති අපේක්ෂකයන්ට හෝ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අදාළ පාඨමාලා සාර්ථකව නිම කළ අයහට ප්‍රමුඛතාව  ලබා දීම.

ගුවන් සත්කාර සේවා කාර්ය මණ්ඩල සේවයේ නියුතුව සිටි පළපුරුද්ද සහිත අපේක්ෂකයන් - ex-Cabin Crew - බඳවා ගැනීමේදී අවශ්‍ය සුදුසුකම්.

අධ්‍යාපන සුදුසුකම්

• අ.පො.ස. සා/පෙළ විභාගයෙන් සාමාර්ථ 6ක් (එකවර) තිබීම සහ ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන (ක්‍රෙඩිට්) සාමාර්ථයක් ලබා තිබීම.

වෙනත් සුදුසුකම්

• ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.

• ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හෝ වෙනත් පිළිගත් ගුවන් සේවයක ගුවන් සත්කාර සේවා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පළපුරුද්ද ලබා තිබීම.

• ඉහළ වයස් සීමාව  අවුරුදු 35

• උපරිම ළඟාවිය හැකි උස  සෙන්ටිමීටර් 212 (ඇඟිලි තුඩු මතින් සිටගත් විට) (ශරීර ස්කන්ධ දර්ශකය - BMI - සලකා බලනු ඇත)

(ii) අවිවාහක බව අවම සුදුසුකමක් වේ. එහෙත් සේවයේ නිරතව සිටින සේවිකාවන් සඳහා විශේෂයෙන්ම  Cabin Crew සේවිකාවන් සඳහා මෙය අදාළ නොවේ.

(ඇ) (i) එවැනි සේවිකාවන් ගැන සමාගම නොදනී.

(ii) විවාහක බව සඟවමින් සමහර කාන්තාවන් ගුවන් සේවිකාවන් ලෙස සේවයට බැඳී ඇති බැව් සමාගම නොදන්නා නිසා එලෙස අසාධාරණයක් සිදුව ඇති බැව් පිළිගත නොහැක.

(iii) ඔව්. අසත්‍ය තොරතුරු ලබා දී ඇති බැව් තහවුරු වන ඕනෑම අයදුම්කරුවෙකු/ සේවකයෙකු සමාගමේ අනුමත විනය  ක්‍රියා පටිපාටියට යටත් වන අතර, ඒ අනුව අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. එහෙත් පසුගිය  කාලය තුළ එලෙස සිදුවීම් වාර්තා වී නොමැත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-10-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks