04

E   |     |  

 දිනය: 2012-04-18   පිළිතුර ලබා දී ඇත 

1554/2012: CHINESE CULTURAL CENTRE : DETAILS

1554/’11

 

ගරු රවී කරුණානායක මහතා,— සංස්කෘතික හා කලා ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විහාරමහා දේවී උද්‍යානය අසල ඉදිකර ඇති චීන සංස්කෘතික මධ්‍යස්ථානය 2002 - 2004 කාල සීමාව තුළදී ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍යධූරය යටතේ චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට ලැබුණු ත්‍යාගයක්ද;

  (ii)  එය පූර්ණ ප්‍රදානයක්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  (i)  චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වූ දිනය සහ අවසන් වූ දිනය කවරේද;

  (ii)  ඉහත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ මුළු පිරිවැය සහ එය අවසන් කිරීමේදී දැරීමට සිදු වූ පිරිවැය කොපමණද;

  (iii)  එම ව්‍යාපෘතියෙහි ශ්‍රමය සඳහා වැයවූ පිරිවැය කොපමණද; 

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  ව්‍යාපෘතියේ සේවයේ යෙදවූ දේශීය සහ විදේශීය සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  ඉහත කී ව්‍යාපෘතියේ වි‍දේශික ශ්‍රමිකයන්ට, ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ සමාගම හෝ රට විසින් ලබා දී ති‍බූ තනතුරු නාමයන් කවරේද;

  (iii)  චීන සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ සේවකයන් වෙනු‍වෙන් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙත ගෙවන ලද දායක මුදල් ප්‍රමාණය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-18

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ටී. බී. ඒකනායක මහතා (සංස්කෘතික හා කලා කටයුතු  අමාත්‍යතුමා)

(மாண்புமிகு ரி. பி. ஏக்கநாயக்க - கலாசார, கலை அலுவல்கள் அமைச்சர்)

(The Hon. T.B. Ekanayake - Minister of Culture and the Arts)

ගරු කථානායකතුමනි, මෙතුමා අසා තිබෙන්නේ විහාරමහා දේවී උද්‍යානය අසල ඉදි කර අති චීන සංස්කෘතික මධ්‍යස්ථානයක් සම්බන්ධයෙනුයි. එහෙම මධ්‍යස්ථානයක් විහාරමහා දේවී උද්‍යානය අසල නැහැ.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

එහෙම නම් එච්චරයි. එහෙමද?

 

ගරු ටී. බී. ඒකනායක මහතා

(மாண்புமிகு ரி. பி. ஏக்கநாயக்க)

(The Hon. T.B. Ekanayake)

මා හිතන්නේ එසේයි.  එතුමා අසා තිබෙන්නේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයක් ගැනයි. එහෙම එකක් නැහැ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks