පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1546/’11
ගරු රවී කරුණානායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) හම්බන්තොට වරායේ ඉදිකිරීම් කටයුතු අවසන් වන විට එහි ශ්‍රමය සඳහා වූ වියදම කොපමණදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) හම්බන්තොට වරායේ ඉදිකිරීමේ ව්‍යපෘතියෙහි සේවයේ නිරතව සිටින විදේශ ශ්‍රමිකයින් සංඛ්‍යාව සහ දේශීය ශ්‍රමිකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) විදේශීය ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට රැගෙන ආ සමාගම හෝ රට විසින් ඔවුන්ට ලබා දී තිබූ තනතුරු නාමයන් කවරේද;
(iii) හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සේවකයින් වෙනුවෙන්, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙත ගෙවා ඇති දායක මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-03-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன )
(The Hon. Rohitha Abeygunawardana)
ඔබතුමා අද මගෙන්මයි ප්‍රශ්න අහන්නේ.
ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
නරක නැහැනේ. ඔබතුමා ඇමතිවරයෙක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardena)
බොහොම ස්තුතියි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ)
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ චයිනා හාබර් ඉංජිනේරු කෝපරේෂන් ආයතනය යටතේ සේවයේ නියුතු දේශීය සේවකයන් සඳහා ඍජුවම දරන වියදම |
මිලියන 345 |
|
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ දේශීය උප කොන්ත්‍රාත්කරුවන් (Local Sub Contractors) සඳහා වූ වියදම |
මිලියන 450 |
|
සමස්ත දේශීය කම්කරුවන් සඳහා වූ වියදම |
මිලියන 795 |
(ආ) (i)
|
|
විස්තරය |
ප්‍රමාණය |
|
01 |
දේශීය සේවකයන් |
1,800 |
|
02 |
විදේශීය සේවකයන් |
230 |
(ii) තනතුරු නාම
ව්‍යාපෘති කළමනාකරු
විශේෂඥ ඉංජිනේරු
තාක්ෂණ ශිල්පි
වඩු කාර්මික
පෙදරේරු
තත්ව පාලක ක්‍රියාකරු
අරක්කැමි/කෝකි
ප්‍රසම්පාදන කළමනාකරු
මිනින්දෝරු
වෙල්ඩින්කරු
කම්බි නවන්නා
විදුලි කාර්මික
ගණකාධිකාරී
මිල දී ගැනීමේ ඉංජිනේරු
නැව් මෙහෙයවන්නා
(iii)
|
සේවක අර්ථසාධක අරමුදල රුපියල් |
සේවක භාරකාර අරමුදල රුපියල් |
|
36,150,692.58 (තුන්කෝටි හැට එක්ලක්ෂ පනස්දහස් හයසිය අනූ දෙකයි ශත පනස් අටයි) |
7,434,852.61 (හැත්තෑ හතර ලක්ෂ තිස් හතර දහස් අටසිය පනස් දෙකයි ශත හැට එකයි) |
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks