04

E   |     |  

 දිනය: 2012-03-20   පිළිතුර ලබා දී ඇත 

1543/2012: අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් : වැටුප් සහ ප්‍රතිලාභ

1543/’11

 

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2011 ජුනි මස 01 වැනි දින සිට කැබිනට් අමාත්‍යවරයෙකුට ගෙවනු ලබන මාසික වැටුප කොපමණද;

            (ii)      අමාත්‍යවරයෙකු සහ අමාත්‍යවරයෙකු සඳහා පත් කර ඇති කාර්ය මණ්ඩලය විසින් මාසිකව භුක්ති විඳිනා වෙනත් අමතර ප්‍රතිලාභ කවරේද;

(iii) 2011 ජුනි මස 01 වැනි දින සිට නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා ගෙවනු ලබන මාසික වැටුප කොපමණද;

(iv) නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය මාසිකව භුක්ති විඳිනා වෙනත් අමතර ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

 

(ආ) (i) අමාත්‍යවරයකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි මාසික වැටුප ගෙවනු ලබන්නේ නම්, එකී අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලබා ගන්නා මාසික වැටුප කොපමණද;

(ii) අමාත්‍යවරුන් / නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉහත (අ) කොටසෙහි සඳහන් ප්‍රතිලාභ භුක්ති විඳින්නේද;

(iii) අමාත්‍යවරුන්ට / නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවනු ලබන්නේද; සහ

(iv) නොඑසේ නම්, එම කරුණ නිවැරදි කරනු ලබන්නේ කෙසේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-03-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා අගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා  එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)       රුපියල් 65,000.00

              (ii)     දීර්ඝ විස්තරයක් තිබෙනවා. අදාළ විස්තර ඇමුණුම 1 හි දක්වා ඇත.

             (iii)       රුපියල් 63,500.00

             (iv)      අදාළ විස්තර ඇමුණුම 02 හි දක්වා ඇත.

(ආ)         (i)      පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වැටුප ගෙවනු නොලැබේ.

(ii) අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේ සලකා දීමනා ගෙවනු ලැබේ. අදාළ විස්තර ඇමුණුම 03 හි දක්වා ඇත.

ඇමුණුම සභාගත* කරමි.

(iii) ඔව්.

(iv) අදාළ නොවේ.

(ඇ)     අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම්:

*சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :

* Annexes tabled:

ඇමුණුම 1

ඇමුණුම 2

ඇමුණුම 3

 

පිළිතුරු දුන් දිනය

2013-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks