04

E   |     |  

 දිනය: 2011-12-06   පිළිතුර ලබා දී ඇත 

1531/2011: විදේශ රැකියා නියුක්තිකයන් : රක්ෂණ ආවරණය

1531/’11

 

ගරු රවී කරුණානායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2006 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ, එක් එක් වර්ෂයේදී,

              (i)      රැකියා සඳහා විදේශ රටවලට ගිය තැනැත්තන් විසින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(ii) රැකියා සඳහා විදේශ රටවලට ගිය තැනැත්තන්ට රක්ෂණ ආවරණය ලබාදීම මගින් රජය විසින් උපයා ගත් ආදායම කොපමණද;

යන්න එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) රැකියා සඳහා විදේශ රටවලට යන සේවකයින් හට රක්ෂණ ඔප්පු ලබා දීමට සුදුසුකම් ලබා ඇති රක්ෂණ සමාගම් කවරේද;

 

(ii) එම සමාගම් තෝරා ගනු ලබන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීම මගින්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඩිලාන් පෙරේරා මහතා (විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා)

(மாண்புமிகு டிலான் பெரேரா - வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு, நலனோம்புகை அமைச்சர்)

(The Hon. Dilan Perera - Minister of Foreign Employment Promotion and Welfare)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 (අ)            (i)      v ලැබුණු පැමිණිලි ප්‍රමාණය 

වර්ෂය

2006

2007

2008

2009

2010

2011

2012

2013

පැමිණිලි සංඛ්‍යාව

8489

6141

6292

8648

9678

7749

8135

2014

                 v  විසඳුම් ලබා දී ඇති පැමිණිලි  ප්‍රමාණය

වර්ෂය

2006

2007

2008

2009

2010

2011

2012

2013

පැමිණිලි සංඛ්‍යාව

8010

7720

6581

7820

10617

8960

7796

2044

 

                 v  එක් එක් වර්ෂයන්හී විසඳුම් ලබා දීමට නොහැකි වූ පැමිණිලි සංඛ්‍යාව ඊළඟ වර්ෂයට එකතු වීම තුළින් සමහර වසරවල ලැබී ඇති පැමිණිලි ප්‍රමාණයට වඩා වැඩි පැමිණිලි සංඛ්‍යාවකට විසඳුම් ලබා දී ඇත.

                 v  ඒ අනුව  2013 පෙබරවාරි මස අවසානයේ පැමිණිලි 2844ක් සඳහා විසඳුම් ලබා දෙමින් පවතී.

 

වර්ෂය

2011

2012

2013

වන්දි මුදල් ප්‍රමාණය (රුපියල්)

16,550,219.00

14,039,257.00

1,892,711.00

               v පැමිණිලි සඳහා විසඳුම් ලබා දීම පමණක් නොව ඒජන්සි ආයතනවලින් ශ්‍රමිකයන්ට සිදුවී ඇති හානිය හෝ පාඩුව තක්සේරු කර ඒජන්සි මඟින් වන්දි ලබාගෙන ඒවා ශ්‍රමිකයන්ට ලබා දීමද සිදු කෙරේ. එවැනි දත්ත කිහිපයක් පහතින් දක්වා ඇත.

                        

                  විසඳුම් ලබා දී වන්දි මුදල් ලබා දී ඇති ප්‍රමාණය 

               (ii)      රක්ෂණ ආවරණය සඳහාකිසිම මුදලක් රැකියා සඳහා විදේශ රටවලට යන අයගෙන් අය කරනු නොලැබේ.

(අ)           (i)       මෙම රක්ෂණ ඔප්පුව ලබා දෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟිනි. ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය මේ සඳහා එකම බලය ලත් නියෝජිත ලෙස කටයුතු කරයි. මෙම ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පූර්ණ අයිතිය ඇති සමාගමකි.

               (ii)      රජයට අයත් එකම රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බැවින්ද එය අද අප රටෙහි පවතින විශාලතම රක්ෂණ ආයතනය බැවින්ද අධ්‍යක්ෂ මණ්ඩලය එයට මෙම විශාල රක්ෂණය භාර දීමට තීරණය කරන ලදී.  රජයට අයත් බැවින් ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවීය.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks