පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1523/’11
ගරු රවී කරුණානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සපුගස්කන්ද තෙල් පිරිපහදුව මුලින්ම මෙහෙයුම් ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම ආරම්භක අවස්ථාවේදී එහි ධාරිතාව සහ දැන් එහි ධාරිතාව වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) වෙනත් තෙල් පිරිපහදු කිසිවක් මෙරට කොතැනක හෝ ඉදිවෙමින් පවතින්නේද;
(ii) එසේ නම්, එකී නව පිරිපහදුවල නම් කවරේද;
(iii) ඒවා අතරින් කිසියම් පිරිපහදුවක් රජය විසින් මුදල් යොදවා ඉදිකරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-11-30
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த )
(The Hon. A.D. Susil Premajayantha)
ගරු කථානායකතුමනි, ඒ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) ඔව්. නවීකරණය සඳහා.
(ආ) (i) 1969.10.12
(ii) ආරම්භක අවස්ථාවේදී ධාරිතාව බැරල් 38,000කි. මේ වන විට එම ධාරිතාව බැරල් 50,000 දක්වා වර්ධනය වී ඇත.
(ඇ) (i) නැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(ඈ) අදාළ නොවේ.
රජයේ අවධානය යොමුව ඇත්තේ පවතින පිරිපහදුව නවීකරණය සඳහාය.
පිළිතුරු දුන් දිනය
2012-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks