පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1521/’11
ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති වෘත්තීය ගුවන් නියමුවන් පුහුණු කිරීමේ ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම පුහුණු කිරීමේ ආයතනවල නම් කවරේද;
(iii) ශ්‍රී ලංකාව තුළදී ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගැනීම සදහා වැයවන සාමාන්‍ය වියදම කොපමණද;
(iv) ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය ගුවන් නියමුවන් සංඛ්‍යාව කොපමණද;
(v) පුහුණුව ලැබූ නමුත් ශ්‍රී ලංකාව තුළ ගුවන් නියමුවකු ලෙස සේවය කිරීමට අවස්ථාව නොලැබෙන ඉතිරි ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ඇති වන තත්ත්වය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-11-30
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගීතාංජන ගුණවර්ධන මහතා (සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு கீதாஞ்ஜன குணவர்தன - சிவில் விமான சேவைகள் பிரதி அமைச்சர்)
(The Hon. Gitanjana Gunawardena - Deputy Minister of Civil Aviation)
ගරු කථානායකතුමනි, සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) 04.
(ii) (1) ඒෂියන් ඒවියේෂන් සෙන්ටර්
(2) සී/ස ඕපන් ස්කයිස් පියසර පුහුණු (පුද්.) සමාගම
(3) සී/ස ස්කයිලයින් ඒවියේෂන් (පුද්.) සමාගම
(4) සී/ස කොස්මොස් ඒවියේෂන් සර්විසස් (පුද්.) සමාගම
(iii) පුද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සාමාන්‍ය වියදම - රුපියල් ලක්ෂ 10
වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සාමාන්‍ය වියදම - රුපියල් ලක්ෂ 35
(iv) නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසුය.
(v) සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් නිකුත් කරනු ලබන අන්තර් ජාතික මට්ටමේ බලපත්‍ර හේතුවෙන්, එම බලපත්‍රලාභීන්ට ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ රැකියා ලබා ගැනීමේ හැකියාව පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks