පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-05-18
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් පිළිබඳ සමාජ කතිකාවක් වර්තමානයේ පවතී.
(ii) සමාගම් 02 කි.
(iii) 1. ලිට්රෝ ගෑස් සමාගම
2. ලාෆ් ගෑස් සමාගම
(iv) සමස්ත වෙළඳපොළෙන් සියයට 80ක් ලිට්රෝ සමාගමටත් සියයට 20ක් ලාෆ් ගෑස් සමාගමටත් අයත් වේ. නමුත් මේ දිනවල සියයට 100ක් වෙළඳපොළ ලිට්රෝ සමාගම සතු වේ.
(ආ) (i) සමාගම් විසින් සපයනු ලබන ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට හෝ නියාමනය කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගනු ලැබේ. 2021.12.16 වන දින දක්වා SLS 712/1998 ප්‍රමිතියට අනුව ද ඉන්පසු SLS 712/2021 ප්‍රමිතියට අනුකූලව ද ගෑස් ආනයනය කරනු ලැබේ.
(ii) ප්‍රමිතිය පරීක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟිනි. මේ වන විට එම ආයතනය මඟින් අනුමත කරන ලද ගෑස් පමණක් රට තුළට ගෙන ඒමට නීති ක්‍රියාත්මක වේ.
(iii) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අවශ්‍ය තාක්ෂණික හා ක්‍රමෝපාය පහසුකම් සැලසීම මඟින් ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම හා සහතික කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තම ආයතනය විසින් අනුමත කරනු ලබන ගෑස් ආනයනය කර තිබේද යන්න ගෑස් නැව් වරාය වෙත පැමිණීමෙන් පසුව සාම්පල් පරීක්ෂාවක් මඟින් සිදු කරනු ලබයි. නිසි ප්‍රමිතියකින් පැවතියහොත් පමණක් රට තුළට ගෑස් ගොඩබෑමට අවසර දෙනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks