01

E   |     |  

 දිනය: 2022-05-05   පිළිතුර ලබා දී ඇත 

1993/2022: 2015-2018 දක්වා ජාතික පාසල්වලට බඳවා ගත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය: විස්තර

----

අසන ලද දිනය

2022-05-05

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           වර්ෂ    2015 සිට  2018 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සේවකයන්  බඳවාගෙන ඇත.

(ආ)  අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින  ජාතික පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු අභ්‍යාස  විද්‍යාල යනාදී  සියලුම ආයතනවල  පවතින සමස්ත  පුරප්පාඩු ප්‍රමාණය සලකා බලා  බඳවා ගැනීම්  සිදුකරනු ලබන අතර, එක් එක් ජාතික පාසල සඳහා  වෙන වෙනම  බඳවා ගැනීමක් සිදුකරනු  නොලැබේ.   එසේ බඳවාගනු  ලබන අය  පුරප්පාඩු  පවතින ආයතන වෙත  ස්ථානගත කරනු ලැබේ.

ඒ අනුව 2015 සිට 2018 දක්වා වර්ෂවල  එක් එක් ජාතික පාසල  සඳහා ප්‍රාථමික  ශිල්පීය  නොවන හා ප්‍රාථමික අර්ධ  ශිල්පීය  ගණය යටතේ අනුයුක්ත  කරන ලද සේවකයන් පිළිබඳ තොරතුරු  පහත දක්වා ඇති අතර, එම සේවකයන්  එක් එක් ජාතික පාසල සඳහා  අනුයුක්ත කර ඇති ආකාරය ඇමුණුම 01 යටතේ දක්වා ඇත.

 

සේවා ගණය

තනතුරු නාමය

ජාතික පාසල් සඳහා සථානගත කරන ලද සංඛ්‍යාව

එකතුව

 

 

2015

2016

2017

2018

 

ප්‍රාථමික ශිල්පීය නොවන

සේවා සහායක

411

66

706

61

1,244

 

සේවා සහායක- සනීපාරක්ෂක

92

118

176

53

439

 

සේවා සහායක- රසායනාගාර

743

-

155

108

1,006

 

සේවා සහායක- තාක්ෂණ පීඨ

-

-

317

05

322

 

සේවා සහායක - ආරක්ෂක

141

-

233

82

456

ප්‍රාථමික අර්ධ ශිල්පීය

අරක්කැමි

-

115

36

-

151

එකතුව

1,387

299

1,623

309

3,618

එසේම 2015 සිට 2018 දක්වා බඳවා ගත් රියැදුරන්  සංඛ්‍යාව පහත දක්වා ඇති අතර, එක් එක් ජාතික පාසල සඳහා පත්වීම් ලබා දී ඇති රියැදුරන් පිළිබඳ තොරතුරු ඇමුණුම 02 යටතේ  දක්වා ඇත. 

 

තනතුර

2015

2016

2017

2018

රියදුරු

-

21

18

23

ඇමුණුම් 01 හා 02 සභාගත* කරමි.

මීට අමතරව 2015 සිට 2018 දක්වා වූ වර්ෂවල ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදු කරන ලද නව බඳවා ගැනීම්වලින් ජාතික පාසල්වලට අනුයුක්ත කරන ලද කළමනාකරණ සේවා  නිලධාරි, සංවර්ධන නිලධාරි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර නිලධාරින්  පිළිබඳ තොරතුරු පහත පරිදි දක්වා ඇත.

 

තනතුර

2015

2016

2017

2018

කළමනාකරණ සේවා නිලධාරි

-

-

-

142

සංවර්ධන නිලධාරි

22

-

34

-

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

-

08

-

-

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks